නවතම පුවත්

තවත් කාලයක් යනතෙක් ජනතාවට නැති වාහන මන්ත්‍රීලාට ලැබෙයිද?

vehicles
අසංක

අසංක

තවත් මාස 6-7ක් යනතුරු මෙරටට වාහන ආනයනය සඳහා වෙළෙඳපොළ විවෘත වන්නේ නැති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

අයවැයෙන් වාහන ආනයනය පිළිබඳ කිසිවක් සඳහන් කර නොතිබීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු කළ විමසීමකදී ඔහු කියා සිටියේ වාහන ගෙන්වීම සඳහා මේ මොහොතේ ප‍්‍රමාඛතාව දිය යුතු බවක් තමන් නොසිතන බවයි.

කොරෝනා ව්‍යාප්තියේ බලපෑම මත වාහන ගෙන්වීම පසුගිය මාර්තු මාසයේ සිට නවතා ඇති බවත් පැවසූ ඔහු පවතින තත්වය යටතේ වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ඉක්මන් තීරණයක් නොගනු ඇති බවත් කියා සිටියේය.

මෙම තත්වය මත දැනට කිසිසේත් නොවටිනා මිල ගණන්වලට වැඩිවී ඇති මෙරට වාහන මිල තවදුරටත් විශාල ලෙස ඉහල යනු ඇති බව වාහන ආනයනකරුවෝ කියා සිටිති.

දැනටමත් මෙරට භාවිත කරන ලද වාහන මිල, ඉඩකඩම් සහ නිවාසවල මිල ගණන් අභිබවමින් සිටී. ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ පරණ වාහනවලට වඩා ඉඩම් හා නිවාස මිල ගණන් සාධාරණ බවයි. තවත් ලිපිවල ජාත්‍යන්තර මාධ්‍යකරුවන් වාර්තා කර තිබුණේ ලෝකයේ මේ වනවිට සිදුවන පුදුමසහගත වාර්තා අතරින් ශ්‍රී ලංකාවේ පරණ වාහනවල මිල ගණන් ද එකක් බවය.

මෙවැනි තත්ත්වයක් පවතිද්දී ජනතාවගෙන් අයකරන බදු මුදලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිතව ලබ‍ාදෙන සැප වාහන ගෙන්වීම පසුගිය කාලයේ කොවිඩ් තත්ත්වය හේතුවෙන් කල්දමා තිබූ නමුත් ඒ සඳහා ඉඩ සැලසීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදුවී තිබුණි.

මීට සති 3කට පෙරදී මැති ඇමතිවරුන්ට තීරබදු සහන මත වාහන ගෙන්වීමට නැවතත් සාකච්ඡාවක් ඇතිවී තිබුණේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.

මන්ත්‍රීලාට අවශ්‍ය නම් යළි එම අවස්ථාව සලසා දිය හැකි යැයි එහිදී සාකච්ඡා වූ බවට මාධ්‍ය වාර්තාවල පළවිය.

පොදුජන පෙරමුණු ලේකම් පාර්ලිමෙන්තු මන්ත්‍රී සාගර කරියවසම් ඒ පිළිබඳ විමසූ විට පවසා තිබුණේ “නැවත වාහන ගෙන්වන්න තීරණයක් නෙවෙයි. කලින් වාහන ගෙන්වන්න හදපු වෙලාවේ මන්ත්‍රීවරුම ඉල්ලීමක් කලා මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න උඩ මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වන එක කල්දාන්න කියලා. හැබැයි ඊයේ නැවත කතා වුණා. එම ඉල්ලීම නැවත සලකා බලන්න දැන් කාලය එළඹෙමින් තියෙනවා. කියන කියන කාරණය ගැන විතරක් කතා වුණා. නමුත් එහිදි තීන්දුවක් තීරණයක් ගැණුනේ නෑ.”

කෙසේවෙතත් පසුගියදා තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් මාධ්‍ය හමුවකදි පවසා තිබුණේ පෞද්ගලික වාහනයෙන් සතියකට කීපවරක් කොළඹ යන එන බවත් ගෙවන්නේ ඉතා අපහසු ජීවිතයක් බැවින් යම් සැප වාහනයක් ඉල්ලාා සිටි බවත් තවදුරටත් කැපකිරීම් කළ නොහැකි බවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්