නවතම පුවත්

පොලිස් වලියක්

Roshan

Roshan

අසංක නවරත්න 
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරකපොල පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
ඒ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
රථවාහන වරදක් සම්බන්ධයෙන් 29 වැනිදා රාත්‍රියේ වෑන් රථයකින් ගමන් ගත් පිරිසක් සහ මෝටර් රථයකින් ගමන් ගත් පිරිසක් අතර අබේපුස්ස ප්‍රදේශයේදී ගැටුමක් හටගෙන ඇත.
එහිදී දෙපාර්ශවය අතර ගැටුමක් ඇතිවී තිබේ.
වෑන් රථයේ ගමන් කර ඇත්තේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයෙකු, අල්ලස් කොමිසමේ සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු සහ මාරවිල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙක් බව සඳහන් ය.
ගම්පහ පොලිස් ස්ථානයේ, දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් සිවිල් පුද්ගලයින් දෙදෙනකු මෝටර් රථය ගමන් කර ඇතැයි පොලිසිය සඳහන් ක‍ළේ ය.
ගුටි බැට හුවමාරුවෙන් අනතුරුව වෑන් රථය පළාගොස් තිබේ.
අනතුරුව මෝටර් රථයේ සිටි පුද්ගලයින් වරකපොල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව වෑන් රථය ගමන් ගත් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් වරකපොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණ ඇප මත මුදාහැර තිබේ.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්