නවතම පුවත්

කොවිඩ් යළි උත්සන්න වෙයි 

Roshan

Roshan

* දෛනික මරණ – ආසාදිතයින්‌ ඉහළට

* අදම බූස්ටර් ගන්න

අසංක නවරත්න 
පසුගිය වසරේ නොවැම්බර් මාසයෙන් පසු මෙරට තුළ ඊයේ (31) වනවිට Covid-19 ආශ්‍රිත මරණ 32 ක් දක්වා සීග්‍ර ලෙස ඉහළ තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළ පරිදි පෙරේදා දින එම කොවිඩ් මරණ සිදුව තිබුණි.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ මුළු Covid මරණ සංඛ්‍යාව ඊයේ 15,473 දක්වා ඉහළ ගොස් තිබේ.
2021 නොවැම්බර් මාසයෙන් පසු දිනක් තුළ වාර්තා වූ වැඩිම Covid මරණ සංඛ්‍යාව මෙයයි.
මීට පෙර නොවැම්බර් 22 වැනිදා කොවිඩ් මරණ 31ක් වාර්තා විය.
එතැන් පටන් කොවිඩ් මරණ සංඛ්‍යාව තනි ඉලක්කම දක්වා පවා අඩුවෙමින් පැවතුනි.
 කෙසේ වෙතත්, පසුගිය සතියේ සිට, දිනකට මරණ 20 කට වඩා වාර්තා වීමත් සමඟ සංඛ්‍යාව වැඩි වී තිබේ.
මේ අතර ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් අඛණ්ඩව තෙවැනි දිනටත් දහස ඉක්මවමින් 1137 දෙනෙකු වාර්තා වී තිබේ.
මිලියන 10ක් පමණ දෙනා තවමත් බූස්ටර් එන්නත් මාත්‍රාව නොගැනීම මෙම තත්ත්වයට බලපා ඇති බව සෞඛ්‍ය අංශ අදහසයි.
මේවනවිට වේගයෙන් පැතිරෙන ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ ජනතාවට බල කර සිටී.
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්