නවතම පුවත්

පාහියංගලින් ජර්මනියට ගෙනගිය වසර දහස් ගණනක් පැරණි මානව අස්ථි කොටස් යළි ලංකාවට

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ විශාලතම ස්වභාවික ගල්ලෙනක් ලෙස ප්‍රකටව ඇති පාහියංගල ගල්ලෙනෙහි සිදුකළ පර්යේෂණ කැනීමෙන් සොයාගත්, වැඩිදුර පර්යේෂණ කටයුතු සඳහා ජර්මනියට රැගෙන ගිය “මානව අස්ථි අවශේෂ කොටස්“ නැවත ලංකාවට රැගෙනවිත් සැකිල්ල ස්ථායි කිරීම හා සංරක්ෂණ කටයුතු කිරීම සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත භාරදී තිබේ.

එය විෂය භාර අමාත්‍ය විදුර වික්‍රමනායක,අමාත්‍යාංශ ලේකම් නිශාන්ති ජයසිංහ සහ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග යන මහත්ම මහත්මිහු “මානව අස්ථි අවශේෂ කොටස්“ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය යසවර්ධන,ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව, ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඔෂාන් වෙදගේ යන මහත්ම මහත්මිහු වෙත පසුගියදා (11) ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ දී නිල වශයෙන් භාර දුන්හ.

පාහියංගල ගල්ලෙනෙහි 2012 වර්ෂයේදී සිදුකළ පර්යේෂණ කැනීමෙන් මෙම “මානව අස්ථි අවශේෂ කොටස්“ සොයා ගත් අතර වසර 12,000ක් පමණ අස්ථි කොටස් පැරණි බවත්, එය කාන්තාවකගේ යැයි පර්යේෂණයන්ගෙන් හෙළිවී ඇතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඔෂාන් වෙදගේ මහතා සඳහන් කරයි.

අස්ථි කොටස් සොයා ගැනීමෙන් පසුව වැඩිදුර පර්යේෂණ කටයුතු සඳහා ලෝකයේ හොඳම මානව විද්‍යාඥයකු ලෙස කීර්තියට පත් එංගලන්තයේ කේම්බ්‍ර්ජ් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා අධ්‍යන අංශයේ අචාර්ය ජේ.ස්ටෝක් මහතා විසින් සිදු කළ අතර මේ සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ද එක්ව ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරිණි.

අස්ථි අවශේෂ කොටස් නව පරිසර පද්ධතියක් තුළ ආරක්ෂාකාරී ලෙස ස්ථායි කිරීම සහ සංරක්ෂණ කටයුතු සිදු කරන බවත් ඒ සඳහා මාස 05ක් වැනි කාලයක් ගතවනු ඇතැයි සිතියි හැකි බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ඔෂාන් වෙදගේ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය,ජර්මනියේ මැක්ස්ෆැලන් ආයතනය, ජර්මනියේ ශ්‍රී ලංකා තනාපති කාර්යාලය යන ආයතන “මානව අස්ථි අවශේෂ කොටස් නැවත ලංකාවට ගෙන ඒම සඳහා සුවිශේෂි කාර්යයභාර්යයක් සිදු කෙරිණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය සජිත් එදිරිසිංහ මහතා සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැනීම් නිලධාරී රේෂාණී ධර්මවර්ධන මහත්මිය ද මෙම අවස්ථාවට සම්බන්ධ වුහ.


 

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්