නවතම පුවත්

කාර්මික භාණ්ඩ අපනයන ආදායම ඉහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කාර්මික භාණ්ඩ අපනයන ආදායම 2020 වසරේ දෙසැම්බර් මාසයට සාපේක්ෂව 2021 වසරේ දෙසැම්බර් මාසයේ දී සියයට 21.3කින් ඉහළ ගොස් ඇත .

ප්‍රධාන වශයෙන් ඇඟලුම්, ඛනිජ තෙල් නිෂ්පාදිත, ආහාර, පාන වර්ග හා දුම්කොළ සහ රබර් නිෂ්පාදිත ඇතුළු බොහෝ කාර්මික නිෂ්පාදන කාණ්ඩවල ඉපැයීම් සමස්තයක් ලෙස ඉහළ යෑම මෙම වැඩිවීමට හේතුවිය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන 2021 දෙසැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවට අනුව ප්‍රධාන වශයෙන් මුදල් නෝට්ටු ඇතුළුව මුද්‍රණ කාර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදිත කාණ්ඩයේ ඉපැයීම්වල පහළ යෑමක් වාර්තා වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ මුදල් නෝට්ටු මුද්‍රණය කරනු ලබන්නේ De La Rue Sri Lanka විසිනි. එහි කර්මාන්තශාලාව බියගම පිහිටා ඇත.

එය ගෝලීය මුදල් නෝට්ටු අවශ්‍යතාවයෙන් 20% ක ප්‍රමාණයක් සපුරාලීමේ ධාරිතාවයකින් යුක්ත වේ.

පසුගිය වසර 5 තුල දී රටවල් 30කට සිය නිෂ්පාදිත අපනයන කර ඇති De La Rue Sri Lanka සමාගම වසරකට මුදල් නෝට්ටු බිලියන 1.5 ක ප්‍රමාණයක් මුද්‍රණය කරනු ලබයි.

 

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්