නවතම පුවත්

චොප්පෙ අයියලා සහ හරක් කටාලා !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මරදානේ චොප්පෙ අයියා යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම චණ්ඩියෙකි.

චණ්ඩියා යනු මැරයෙකු නො වන බව, “චණ්ඩියා”, “චණ්ඩිපුතා”, “චණ්ඩිරැජින”, “චණ්ඩිරජා”, “චණ්ඩි ශ්‍යාමා” වැනි චිත්‍රපටි නාමවලින් ම පැහැදිලි වේ.

එක් දිනයක මරදානේ ඇවිද ගෙන යද්දී පොලිස්කාරයෙක් කඩල බේසමක හැප්පුණේ ය. කඩල සී සීකඩ ය. අසරණ කඩල වෙළෙන්දා බිම වැටුණු කඩල හැකි පමණ එකතු කරන්නට පටන් ගත්තේ ය. පොලිස්කාරයා යමින් සිටි ගමන නො නවත්වා යමින් සිටී.

චොප්පෙ අයියා සියල්ල දුටුවේ ය.

“ඕයි .. රාළහාමි කොහේ ද ඔය යන්නෙ? මේ මනුස්සයට සාධාරණයක් කරලා යන්ඩ”

“උඹ කවුද මට අණ දෙන්ඩ” මරදානට අලුතෙන් පත් ව ආ පොලිස්කාරයා ගෝරනාඩු දැම්මේ ය.

එපමණි.

මුහුණ හරහා වැදුණු චීනඅඩි පහරින් පොලිස්කාරයා මහපාරේ අයිනට විසි වුණේ ය.

“උඹේ ලොක්ක ගෙන් අහ ගනිං චොප්පෙ ගැන”

චොප්පෙ ජීවත් ව සිටි සමයේ මරදාන පොලීසියේ පැමිණිලි පොත වසා තිබුණු බව පැවසෙයි. සියලු පැමිණිලි චොප්පේ විසින් විසඳනු ලැබ තිබිණි.

අද කාලේ “හරක් කටා” වැනි මැරයෙකු ගේ බල ප්‍රදේශයට “චොප්පෙ අයියා” එන බව සැල වුවහොත්, ඒ ගැන “හරක් කටා” මොනවා නො කියනු ඇද්ද?

“චොප්පෙ අයියත් එක්ක මගේ අවුලක් නෑ”

“මං පොඩිකාලේ චොප්පෙ අයිය ගෙන් චීන අඩි ඉගෙන ගෙන තියෙනවා”

“චොප්පෙ අයියටත් උදව්වක් කරන් මාත් ඉන්නවා”

“අපේ අයිය ගේ නෝන ගෙ පැත්තෙන් චොප්පෙ අයියා අපට නෑයො වෙනවා”

“චොප්පෙ අයියා තමයි මගේ වීරයා”

“අරගල නම් ජවිපෙ, ජවිපෙ නම් අරගල” යනුවෙන් පැවසෙන තරමට මෙරට පොදුජන  අරගල පිළිබඳ අයිතිය පරාණ භුක්තියට ලියාගෙන සිටින ජවිපෙ, “ගෝඨාගෝගම” තරුණ අරගලයට ආතබූත වී එය ඉලක්ක කර මේ කියන්නේත් හරක් කටාලා ගේ පන්නයේ හතරබීරි කතා ද?

“සියලු අරගල දේශපාලනිකයි. ගෝල්ෆේස් අරගලයට අපි නායකත්වය දෙනවා”

  • ටිල්වින් සිල්වා

“ගෝල්ෆේස් අරගලය දේශපාලනයෙන් තොර නිසා, අපි ගෝල්ෆේස් එන්නෙ නෑ”

  • විජිත හේරත්

“බෝඩ් ගහලා නැති වුණාට ගෝල්ෆේස් අරගලයේ අපි ඉන්නවා”

  • ලාල්කාන්ත

“‘ගෝඨා ගෝ හෝම්’ කිව්වට ගෝල්ෆේස් අරගලයේ මට නං විසඳුමක් පේන්නෙ නෑ”

  • සුනිල් හඳුන්නෙත්ති

“මේ තරුණ අරගලයට වැඩ කරන ජනතාව ගේ ශක්තිය එකතු කරන්න අපි සාකච්ඡා කරමින් ඉන්නවා.”

  • වසන්ත සමරසිංහ

(කුමාර ලියනගේ)

KL/2022@gotagohome

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්