නවතම පුවත්

RAW සහ CRAW !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

(කුමාර ලියනගේ විසිනි)

“රනිල් තමයි සුදුස්සා. ලෝක බැංකුවට, අයි.එම්.එෆ්. එකට, යුරෝපියන් යූනියන් එකට, ඒ.ඩී.බී. එකට ගිහිල්ලා වැඩක් කරන්න පුළුවන්, මේ වෙලාවෙ ප්‍රශ්නෙට මූණ දීලා ගොඩදාන්න පුළුවන් පරිණත රනිල්ට තමයි..”

එම්.සී.සී. ව්‍යාපෘතියට, බටහිරකරණයට විරුද්ධ ව 2019දී රනිල්ලා මරාගෙන කන කේන්තියෙන් ගෝඨාභයට ඡන්දය දුන් අසරණ පොහොට්ටු ඡන්දදායකයෝ අද කියති.

එදා රනිල් යනු වැඩ බැරි ටාසන් කෙනෙකි. මේ රටේ මහපොළොව නො දන්නා, සංස්කෘතියට ගරු නො කරන, විදේශික මානසිකත්වයෙන් හෙබි පරගැතියෙකි.

දැන් සියල්ල උඩුයටිකුරු කර තිබේ.

මෙය අහම්බයක් ද? නැත. විභාගය පවත්වා ස්වාභාවික ප්‍රතිඵලයක් ලබා ගන්නවා වෙනුවට, ප්‍රතිඵලය වේලාසණින් සකස් කර විභාගය පවත්වා තිබේ.

සිදුවෙමින් තිබෙන්නේ එයයි.

“මං සිරිමා ගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා හිර කළා වගේ, ඉන්දිරාවත් හිර කරලා දාන්න. එතකොට ප්‍රශ්නෙ ඉවරයි”

වරක් මොරාජ් දේසායි හමු වූ විටක ඔහු අමතා ජේ.ආර්. කට කැඩුණු කතාවක් කීවේ ය. කරුමයකට මෙන් එතැන ඉන්දියානු ආරක්ෂක පිරිස අතර ඉන්දිරා ගාන්ධි ගේ ඔත්තුකරුවෙක් සිටියේ ය.

RAW ලංකාවට රිංගා ඉත්තන් එහේ මෙහේ අදින්නට පටන් ගත්තේ එතැන් සිට ය.

ඉන්දිරා ගාන්ධි බලයට පත් වූ පසු තමිල්නාඩුවේ කොටි පුහුණු කඳවුරු ඉදි කෙරිණි. ප්‍රභාකරන්ට සහයෝගය ලැබිණි. ඇය ගේ හදිසි අභාවයෙන් පසු අගමැති ධූරයට පත් රජීව් ගාන්ධි 1987 වර්ෂයේදී ජේ.ආර්. බිත්තියට ම හේත්තු කළේ ය. අහසින් පරිප්පු දැම්මේ ය. කොහේවත් නැති පළාත්සභා කුණකට ජීවිතය පුරා කර ගසන්නට ජේ.ආර්.ට සිදු වුණේ ය.

ශ්‍රී ලාංකිකයන් ගේ ඉල්ලීමක් නො වුණු ඉන්දියානු පළාත්සභා යනු ලුම්පන් පාදඩයන් දේශපාලනයට කැඳවන ප්‍රධාන දොරටුව ය. දැන් ලංකාවට දේශපාලක පාදඩයන් ගෙන් අඩුවක් නැත.

“අපි ඇෆ්ගනිස්ථානය වෙනස් කරන්න පටන් ගත්තේ වීඩියෝ ෆිල්ම්ස් පෙන්නලා.” වරක් හිලරි ක්ලින්ටන් කීවා ය.

දැනට වසර දහයකට පමණ ඉහත අප විසින් වැලිකන්ද හමුදා කඳවුරේදී නැගෙනහිර පළාතේ හමුදා නිලධාරීන් අමතා පවත්වන ලද දේශන මාලාවකදී, “උතුරේ තරුණයන් බලන්නේ දකුණු ඉන්දියාවේ වයලන්ස් ෆිල්ම්. මේකට මොකක්ද කරන්න පුළුවන් ..” යනුවෙන් එක් නිලධාරියෙක් මා ගෙන් ඇසුවේ ය. එහි ප්‍රතිඵල වැඩිකල් නො ගොස් උතුරේ ජනතාවට අත්විඳින්නට ලැබිණි. කඩුවලින් කපන කොටන තරුණ කල්ලි බිහිවිණි.

මිනිසුන් මරන, පොලුවලින් ගසා වනසන දකුණු ඉන්දියානු මසාල චිත්‍රපටි මෙකල ටෙලිවිෂන් නාළිකා මඟින් නිතර පෙන්වනු ලැබේ. එපමණක් නො ව හන්දි හන්දි ගාණේ තිබෙන සී.ඩී. / ඩී.වී.ඩී. කඩවලින් තොග ගණනට මේවා මිළ දී ගත හැකි ය. මදි පාඩුවට ජංගම දුරකථනයේ නෙට්ෆ්ලික්ස් තිබේ.

දකුණු ආසියානු තරුණ අපරාධ සහ මේ චිත්‍රපටි අතර සෘජු සම්බන්ධතා තිබෙන බව ඇත්තකි. 2014දී “ඩූම්” චිත්‍රපටිය නිකුත් වීමෙන් පසු, 2017  වන විට ඉන්දියාවේ ප්‍රසිද්ධ ආයතන කොල්ල කන මෝටර් බයිසිකල් කල්ලි බිහිවුණු බව තහවුරු කර ගන්නා ලදී.

පළාත්සභා මට්ටමේ සිට ක්ෂණික ව උසි ගැන්විය හැකි, මහදවල් වුව පොලු මුගුරු යකඩපටිවලින් පහර දෙන, ගොඩනැගිලි ගිනි තබන තරුණ කල්ලි අතර මේ චිත්‍රපටිවලින් මනස් විකෘති කරගත් අය නැතැයි කිය හැකි ද?

අප ගේ ජීවිත තුළට RAW රිංගා ඇත්තේ අපටත් නො දැනී ය. මොළ හතාණෝ හෙවත් CRAW නිතර ඉන්දියාවට ගමන් කරමින්, මේ ක්‍රියාවලියට රාජ්‍ය තාන්ත්‍රික ලයිසන් එක ලබා දුන්නේ ය. මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ ගේ සැලසුම් දැන් “සෞභාග්‍යයේ දැක්ම” පරාජය කර තිබේ. කපුටා හීන් නූලෙන් රටට ගේම දෙමින් සිටී.

මහා සැලසුමට පිටින් අනපේක්ෂිත ලෙස නිර්මාණය වුණු “ගෝඨාගෝගම” සහ “මයිනාගෝගම” යනු, ඔවුනට පොට වැරදුණු හිසරදයකි.

මහින්ද රාජපක්ෂ එළවා දමා එතැනට රනිල් වික්‍රමසිංහ පත් වන්නේ හදිසි තීරණයකින් යැයි සිතන්නන්ට ඒ සිඟිති හීනවල තවදුරටත් සිටිය හැකි ය.

RAW සහ CRAW තව හොඳ හොඳ සෙල්ලං ඉදිරියට ය.

KL/2022/05/12@gotagohome

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්