නවතම පුවත්

ජනපති රටින් යයි – ගුවන් හමුදාවත් තහවුරු කරයි

අසංක

අසංක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ එම ආර්යාවට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට දිවයිනෙන් බැහැරව මාලදිවයින බලා පිටත්ව යාමට ගුවන් යානයක් අද අලුයම ලබාදුන් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධායක ජනාධිපතිවරයෙකුට හිමි බලතල ප්‍රකාරව පවතින රජයේ ඉල්ලීමට අනුව ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුමැතියට යටත්ව එය සිදුකෙරුණු බව එම නිවේදනයේ දැක්වේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(13) අලුයම ගුවන් හමුදා ගුවන් යානයකින් අසල්වැසි මාලදිවයින බලා පිටත්ව ගිය බව AFP ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබුණි.

ජනාධිපතිවරයා ඉල්ලා තිබූ අමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වී ඇති බව ද හින්දු පුවත්පත ඊයේ වාර්තා කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ බැසිල් රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවෙන් පිටතට යාමට ඉන්දියාව පහසුකම් සලසා දුන් බවට පළ වූ වාර්තා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්‍රතික්ෂේප කරමින් ට්විටර් පණිවිඩයක් තබා තිබේ.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්