නවතම පුවත්

බොරතෙල් කොලිටි අවුල – ගල්අඟුරු ප්‍රශ්න විසඳනෙ හැටි

අසංක

අසංක

මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) සභාපතිවරයා විසින් බොරතෙල්වල ප්‍රමිතිය පිළිබඳ කරන ලද චෝදනාවලට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් (CPC) නීත්‍යානුකූලව ප්‍රතිචාර දක්වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කර ඇති බොරතෙල් ප්‍රමිතියෙන් තොරවීම නිසා තෙල්පිරිපහදුවෙන් ලැබෙන දැවිතෙල්වලින් විදුලිය ජනනය කළ නොහැකි යැයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පසුගියදා මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශය මෙම පියවරට හේතුවී ඇත.

මේ අතර නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ක්ෂණික අවශ්‍යතා සපුරාලීම සඳහා පසුගිය වසරවල ඉතිරව ඇති ගල්අඟුරු ටෙන්ඩර් ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව, පළමු ගල්අඟුරු තොගයට අදාළ අත්තිකාරම් මුදල් ගෙවීම අද (26) දිනයේ සිදුකර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මේ අතර ලංකා ඛනිජතෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඩීසල් සහ ඉන්ධන තෙල් තොග ඇති බව ද අමාත්‍යවරයා කියා සිටී.

ලක්ෂපාන බිඳවැටීම, ඩීසල් සහ ඉන්ධන තෙල් සහ ජල කළමනාකරණය සඳහා ලංවිම සතුව ප්‍රමාණවත් අරමුදල් නොමැතිකම හේතුවෙන් විදුලි කප්පාදුව දීර්ඝ කිරීමක් ඉල්ලා ඇති බවද අමාත්‍යවරයා කියාසිටී.

මේ අතර ඉදිරි මාස කිහිපයේ ඛණිජ තෙල් සංස්ථාවට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම වෙනුවෙන් ප්‍රගති සමාලෝචන හමුවක්
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඉදිරි මාස කිහිපය වෙනුවෙන් ඛණිජ තෙල් සංස්ථාවට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමේ සැලසුම, ලංකා ගල් අඟුරු සමාගමේ අවශ්‍යතාවයන්, ලංකා විදුලිබල මණ්ඩලයේ ජනන සැලසුම් සහ එම ආයතන තුනේ මූල්‍ය අවශ්‍යතාවයන් පිළිබඳව එහිදී සාකච්ඡාවට ලක්විය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්