නවතම පුවත්

මත්පැන් අලෙවිය 40%කින් පහළට !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙරට මත්පැන් අලෙවිය මේවනවිට සියයට 40කින් පමණ පහළ ගොස් ඇති බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවේ නිෂ්පාදන පිරිවැය ඉහළ යාම මත මත්පැන් මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ යාම මෙම තත්ත්වයට බලපා ඇති බවයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉකුත් දා එළිදැක්වූ වාර්තාවකට අනුව මෙරට මත්පැන් පරිභෝජනය පහළ ගොස් ඇති බව ද සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පැවසුවා. ඒ අනුව ලෝක මත්පැන් පරිභෝජනය අනුව ශ්‍රී ලංකාව මේවනවිට 80වන ස්ථානයේ පසුවන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ

මීට වසර කිහිපයකට පෙර මෙම ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව පසුවුණේ 40වන ස්ථානයේයි. 2018 වර්ෂයේදී මෙරට ඒකපුද්ගල මත්පැන් භාවිතය ලීටර් 4යි දශම 1ක්. කෙසේවෙතත් අලුතින් නිකුත් කරන ලද වාර්ථාවලට අනුව මෙරට ඒකපුද්ගල මත්පැන් භාවිතය ලීටර් 2යි 8ක් දක්වා අඩු වී තිබෙනවා.

මත්පැන් පරිභෝජනය සම්බන්ධයෙන් වන නවතම ශ්‍රේණීගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවන්නේ ලැට්වියාවයි. එරට ඒකපුද්ගල මත්පැන් පරිභෝජනය ලීටර් 13යි දශම 1ක්.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්