නවතම පුවත්

නෙළුම් කුලුනට ඩොලර් බිලියනයක දැවැන්ත ආයෝජනයක්

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිංගප්පූරුවේ Kreate Design Pte Limited සහ කොළඹ නෙළුම් කුලුණ සමාගම අතර ආයෝජන ගිවිසුමකට අද (18) දින අත්සන් තබා තිබේ.

මෙම ගිවිසුමට අනුව මීළඟ මාස 06 ක කාලපරිච්ඡේදය තුළ ජල ක්‍රීඩා ද ඇතුළත් අංගසම්පූර්ණ විනෝදාස්වාද කලාපයක් නෙළුම් කුලුන පරිශ්‍රය තුල ස්ථාපිත කෙරෙනු ඇත.

මෙම මුලපිරීමත් සමඟම කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රය ආයෝජන, වෙළෙඳ සහ සංචාරක ක්‍රියාකාරකම් සඳහා කේන්ද්‍රස්ථානයක් බවට පත්වනු ඇත.

“නෙළුම් කුලුනේ අපි අද මේ ගෙනල්ලා තියෙන ආයෝජනය ලංකාවට දැනට ඇවිත් තියෙන විශාලම ආයෝජනය බවට පත්වෙනවා. මෙය ඊළඟ වසර 2-3 ඇතුළත ඩොලර් බිලියනයක ආයෝජනයක්. ඊටත් එහා ගිය ඩොලර් බිලියන ගණනක් අපිට මේ තුළින් ගේන්න පුළුවන්“, යැයි මෙම අවස්ථාවට එක්වෙමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්