නවතම පුවත්

72 නිදහස් සැමරුමෙන් රටම ඇළලෙයි

අසංක

අසංක

  •  මහෝත්සවය නිදහස් චතුරස්‍රයේදී 

අභිමානවත් 72 වැනි ජාතික නිදහස් දින සමරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (4)  නිදහස් චතුරස්‍රයේදී උත්සවශ්‍රීයෙන් පැවැත්වේ.

මෙවර ආචාර පෙළපාලිය සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බළකාය සහ ජාතික ශිෂ්‍ය බට බළකාය නියෝජනය කරමින් 6792ක පමණ භට පිරිස් සහභාගී වීමට කටයුතු යොදා තිබේ.

මෙවර ආචාර පෙළපාලිය වර්ණවත් කිරීම සඳහා සංස්කෘතික අංග ඉදිරිපත් කිරීම වෙනුවෙන් 475 දෙනකු පමණ සහභාගී වෙති. ඊට අමතරව යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලීසිය හා විශේෂ කාර්ය බළකාය නියෝජනය කරන සන්නාහ සන්නද්ධ රථ 72ක් යොදවා ගැනේ.

ආචාර පෙළපාලියේ ප්‍රධාන අණ දෙන නිලධාරී වශයෙන් මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ සහ දෙවැනි අණ දෙන නිලධාරී වශයෙන් බ්‍රිගේඩියර් එච්. ඒ. රණසිංහ කටයුතු කරයි.

දිගු වේලාවක් තිස්සේ ආචාර පෙළපාලියට සහභාගි වීම තුළින් ඇතිවන පීඩාව අවම කරනු වස් මෙවර ආබාධිත සෙබළුන් ආචාර පෙළපාලිය සදහා යොදානොගැනීමට සැලසුම් කර ඇති අතර ආචාර පෙළපාලියේ දිග ද බෙහෙවින් අඩු කර ඇතැයි වාර්තා වේ.

නිදහස් දින සමරුව වෙනුවෙන් සුළු වැරදි කොට දඩ මුදල් ගෙවාගත නොහැකිව සිරගතව සිටි සිරකරුවන් 516කට අද නිදහස හිමිවේ.

ඒ අතර කිසිදු බරපතළ අපරාධකරුවකු නොවන බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුව මීට පෙර නිවේදනය කර තිබුණි.

නිදහස් උත්සව දින හා පෙරහුරු පැවැත්වෙන දිනවලදී මාර්ග වසා තැබීම හා ගමනාගමනය සීමා කිරීම සඳහා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්