අට වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැන් පැමිණියේ ය.
කථානායක කරු ජයසූරිය මහතා විසින් ජනාධිපතිවරයා සහ ආර්යාව පිළිගනු ලැබූ අතර ජනාධිපතිවරයාගේ නියෝග පරිදි මෙවර හමුදා ආචාර වෙඩිමුර කිසිවක් නොපැවැත්වීම විශේෂත්වයකි.
පාර්ලිමේන්තු මන්ත්රීවරයකු ලෙස කටයුතු නොකළ ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අයත් සාමාජිකයකු ලෙස මෙලෙස මැතිසබයට පැමිණෙන්නේ පළමු වතාවටය.
ඒ ශ්රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස වීම විශේෂත්වයකි.