අලි-මිනිස් ගැටුමේ මරණ ප‍්‍රතිඵලය 251ට 95යි

Picture of අසංක

අසංක

දෙදහස් දහ අට වසරේ ඔක්තෝම්බර් දක්වා අලි මිනිස් ගැටුමෙන් අලින් 251ක් හා මිනිසුන් 95 ක් මියගොස් ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි.

2017 වසර පුරා අලි මිනිස් ගැටුමෙන් මිය ගිය මිනිසුන් සංඛ්‍යාවට වැඩි සංඛ්‍යාවක් 2018 වසරේ මිය ගොස් ඇති බව එම සංඛ්යා ලේඛන පිරිස්සීමේදී පැහැදිලි වේ. 2017 මිනිසුන් 87 දෙනෙක් මියගොස් ඇති අතර 2018 ඔක්තොම්බර් දක්වා මියගිය මිනිසුන් ගණන 95කි.

පසුගිය වසරේ ඔක්තොම්බර් දක්වා මිය ගොස් ඇති මුළු අලි සංඛ්‍යාව 311කි.

2018 වසරේ අලි මිනිස් ගැටුමෙන් මියගිය වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ උතුරු මැද පළාතෙනි. එම සංඛ්‍යාව 37කි.

පොළොන්නරුවේ 20 ක් සහ අනුරාධපුරයේ 17 දෙනෙක් ඊට අයත් වෙති. දෙවැනි වැඩිම සංඛ්‍යාව මියගොස් ඇත්තේ‍ නැගෙනහිර පළාතෙනි. එම සංඛ්‍යාව 24 කි.

අලි මිනිස් ගැටුමේ මිනිස් මරණ වැඩි වශයෙන් වාර්තා වු ප්‍රදේශ අතර පොළොන්නරුව, අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය, කැපී පෙනෙයි.

මේ අතර 2018 ඔක්තොම්බර් දක්වා මියගිය අලි 311 දෙනාගෙන් 31 දෙනෙකු මියගොස් ඇත්තේ ස්වාභාවිකවය. අනෙකුත් අලි මරණ සදහා මිනිසුන්ගේ කුමක් හෝ සම්බන්ධයක් තිබී ඇත.

පසුගිය වසරේ ඔක්තොම්බර් දක්වා කාලය තුළ අලි 48 දෙනෙක් වෙඩි තබා මරා දමා ඇති අතර වැඩිම අලි සංඛ්‍යාවක් මියගොස් ඇත්තේ හක්කපටස් ගිලීමෙනි. එසේ හක්කපටස්වලින් මිය ගිය අලි සංඛ්‍යාව 61කි.

රමේෂ් වරල්ලෙගම