නවතම පුවත්

‘ආර්ථීක පුනර්ජීවන බලකායක් සකසන්න’ -පාත්ෆයින්ඩර් යෝජනාවක්

අසංක

අසංක

ගාමිණී සරත් ගොඩකන්ද

කොවිඩ්-19 වයිරස බලපෑමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථීකය ගලවා ගැනීම අරමුණු කරගෙන බලතල සහිත ආර්ථීක පුනර්ජීවන බලකායක් පිහිටුවිය යුතුයැයි පාත්ෆයින්ඩර් පදනම රජයට යෝජනා කරයි.

දේශීය බුද්ධි පර්යේෂණ ආයතනයක් වන මෙම පදනම දක්වන පරිදි බලකාය පත් කිරීමේ දී දේශපාලන පසුබිම පැත්තකින් තැබීම ඉතාම වැදගත්ය. අත්දැකීම් සහිත ඉතාම විශිෂ්ට පුද්ගලයන් ගෙන් සමන්විත විය යුතුයැයි ද වැඩිදුරටත් යෝජනා කර තිබේ.

ආර්ථීකයේ ඉල්ලූම හා සැපයුම යන න්‍යාය බරපතල සේ පාලනය වී ඇත. ඉල්ලූම ගැන සලකන විට ආයෝජනය, නිෂ්පාදනය හා වෙළදාම අඩුවනු ඇත. රුකී රක්ෂා ප්‍රමාණය සහ රැකියා නියුක්තිකයන්ගේ වැටුප් කපා දමන්නට සිදුවිය හැකිය. සංචාරක හා විනෝදාත්මක අවස්ථා අවුලකට පත් වේ.

ව්‍යාපාර අවලංගු කිරීම්, කොටස් වෙළදාම හා ධනෝපානය අවස්ථා පහත වැටීම අපේක්ෂා කළ හැකිය. සැපයුම් අංශයට බලවත් පීඩනයක් එල්ලවිය හැකි අතර ඇතැම් කම්හල් හා ව්‍යාපාර වැසෙනු ඇත. ගෝලීය හා කලාපීය සැපයුම් චක්‍ර අර්බුදයකට පත්වන අතර ගුවන් හා මුහුදු ප්‍රවාහන අංශ නැවත යථා තත්ත්වයට පත්වන්නට සෑහෙන කාලයක් ගත විය හැකිය.

කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය සහ විශේෂයෙන් ආර්ථීක වර්ධනය සමග ඇති වූ ලෝකයේ ඕනෑම තැනකට සේවා සපයමින් යැපෙන නිදහස් වෘත්තිකයන් ඉතාම දුෂ්කර තැනෙකට පත්වනු ඇත. මේවා සුළු පටු කාරණා නොවේ. ඕනෑම ජන සමාජයක් බිංදුවට වට්ටන්නට මේවා හේතුවිය හැකි බව තේරුම් ගත යුතුය. යනුවෙන් ද පාත්ෆයින්ඩර් පදනම නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

තමන් අසල දැවටෙන දක්ෂයන්ට වඩා පිරිසක් ආණ්ඩුවේ රාමුවට එපිටින් සිටින අතර ඔවුහු දේශපාලන අරමුණු සහිත ව්‍යුහ වලට එකතුවීමට කැමැති නැත. එම පිරිස සමීප කර නොගැනීම හා රටට අත්‍යවශ්‍යම අවස්ථාවක සේවය වෙනුවෙන් පෙනී නොසිටීම ද සෑහෙන අවාසියකි.

පටු අරමුණු පැත්තකට කළ යුතුව තිබේ. කොවිඩ් -19 වසංගතය හා ලෝක තත්ත්වය අභිමුවෙහි මතුවිය හැකි ආර්ථීක ගැටළු කෙරෙහි කෙටිකාලීන, මධ්‍ය හා දීර්ඝ කාලීනව සලකා බලා සාවධාන ක්‍රියාත්මක විය හැකි මධ්‍යස්ථ පිරිසකගේ සේවය රටට උවමනා කර ඇත. අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා කිරීමට මෙම පුනර්ජීවන බලකායට සම්පූර්ණ නිදහස තිබිය යුතු අතර යම් අවස්ථාවක දී ඒවා ක්‍රියාවට නැංවීම ස`දහා ද පුලූල් අවකාශයක් නිර්මාණය කළ හැකි බව පාත්ෆයින්ඩර් පදනම සිය නිවේදනයේ දක්වයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා