කොරෝනා අස්සේ ඉදිරියේදී බරපතළ කුරුළු උණ වසංගතයක් ගැන ලොවටම අනතුරු ඇඟවීමක්

Picture of අසංක

අසංක

ලෝකයටම ලබන ශීත ඍතුවේ දී උණ රෝගයේ දරුණුතම පුනර්ජීවනයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවති.

රුසියාවේ කුකුළු ගොවිපලක සේවකයින් 7 දෙනෙකු කුරුළු උණ වෛරසයක් වන H5N8 ආසාදනය වී ඇති බව රුසියාව සෙනසුරාදා නිවේදනය කිරීමත් සමඟ මෙම සෘතුමය උණ වසංගතය පිළිබඳ අනතුරු ඇඟවීම් පැමිණ තිබේ.

H5N8 වෛරසය මෙතෙක් පැවතියේ කුරුල්ලන් අතර පමණක් වුවද පළමු වතාවට එය මිනිසාට වැළදී ඇති බවට ( AH5N8) වාර්තා වීම නිසා නව අනතුරු ඇගවීම් නිකුත් කිරීමට පියවර ගෙන ඇත. මෑත මාසවලදී රුසියාව, යුරෝපය, චීනය, මැදපෙරදිග සහ උතුරු අප්‍රිකාව යන රටවල H5N8 වාර්තා වී ඇති නමුත් ඒ කුකුළන් අතර පමණි

රුසියාවේ කුකුළු ගොවිපළේ උණ රෝගය පිළිබද සිද්ධිය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත වාර්තා කර ඇති බව රුසියාව පවසයි.

පවතින කොරෝනා වෛරසයේ සංසරණයෙන් ප්‍රතිශක්තීකරණ මට්ටම පහත වැටීම නිසා වසර ගණනාවක් තිස්සේ බලපානු ලබන දරුණුතම උණ පැතිරීමකට එමගින් මග පෑදිය හැකි බවට විද්‍යාඥයෝ පෙන්වා දෙති.

රුසියාවේ මහජන සෞඛ්‍ය ප්‍රධානී ඇනා පොපෝවා පැවසුවේ “එය පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය නොවේ. අනාගතයේ ඇතිවන විකෘති මගින් මෙම බාධකයෙන් මිදීමට කොපමණ කාලයක් ගතවේද යන්න කිවහැක්කේ කාලයට පමණි ” රුසියාව ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනතුරු අඟවා ඇති බව ඇය පැවසුවාය.

එංගලන්තයේ බොහෝ වසරවලදී, වාර්ෂික එන්නත් වැඩපිළිවෙළෙහි ලදායීතාවය මත පදනම්ව එක් එක් ඍතුවලදී උණ රෝගීන් 10,000 ත් 30,000 ත් අතර සංඛ්‍යාවක් මිය යයි. නමුත් පසුගිය මාස 12 තුළ උණ වැළදීමෙන් සිදුවූ මරණ වාර්තා වී නැත.

විශේෂඥයන් පවසන පරිදි, ඉදිරියේ පැතිරෙන උණ රෝගය ප්‍රචණ්ඩ වීමට ඉඩ ඇතිවා පමණක් නොව, ඊළඟට කුමන වික්‍රියාව අපට බලපානු ඇත්දැයි අනාවැකි පළ කිරීම ද අසීරු විය හැකිය.

උණ වෛරසය මත වර්තමාන පීඩනය වැඩි කළ හැකි තත්වයක් මතු කළ හැකි බවට තීරණ ගන්නන් සැලකිලිමත් වේ.

වසංගත උණ වෛරස් නිරන්තරයෙන් ඉන්ෆ්ලුවෙන්සා එන්නත් යාවත්කාලීන කිරීමට උපකාරී වන නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගීතා මධ්‍යස්ථාන පහෙන් එකක් වන ෆ්‍රැන්සිස් ක්‍රික් ආයතනයේ ලෝක ව්‍යාප්ත ඉන්ෆ්ලුවෙන්සා මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජෝන් මැකෝලි පැවසුවේ වර්තමාන තත්වය පෙර නොවූ විරූ එකක් වී ඇති බවයි.

ඉන්ෆ්ලුවෙන්සා පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මණ්ඩලයක් විසින් වසරකට දෙවරක් රැස්වී උණ වසංගත මර්දනය කිරීමට එය සංසරණය වන වික්‍රියා වලින් ආරක්ෂා කිරීමට අවශ්‍ය තීන්දු තීරණ ගනු ලබයි. නවතම රැස්වීම සිකුරාදා “ඉතා දිගු දුරකථන සංවාදයක්” හරහා සිදු වූ බව වාර්තා වේ. එහිදී උණ රෝගය වෙනුවෙන් සකස් කළ එන්නත පිළිබඳ තොරතුරු මේ මස අගදී අනාවරණය වනු ඇත.

සමාජ දුරස්ථභාවය උණ සහ වෙනත් බෝවන රෝග මර්දනය කර ඇති ප්‍රමාණය ලොව පුරා ප්‍රවීණයන් මවිතයට පත් කර තිබේ.