නවතම පුවත්

ඉලක්කත් අභිබවා ගිය ශ්‍රී ලංකාවේ කොවිඩ් එන්නත්කරණය ගැන WHO මීළඟ අනාවැකිය

අසංක

අසංක

සමස්ත ජනගහනයෙන් 50% ක් මුළුමනින්ම එන්නත් කරමින් ශ්‍රී ලංකාව අද වැදගත් සන්ධිස්ථානයකට පැමිණ ඇති බවත් මෙම තත්වය මත දෙසැම්බර් 31 වන විට මෙරට ජනගහනයෙන් 60% කට එන්නත් ලබා දීමේ ස්වකීය ඉලක්කය ඉක්මවා යාමට ද ඉඩ ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාවේ කොවිඩ් -19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමට නායකත්වය දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉලක්කගත එන්නත් කිරීමේ උත්සාහය ලෝක සෞඛ්‍ය සංවිධානයේ දිගු කාලීන ඉලක්ක පවා ඉක්මවා ගොස් ඇතැයි එම සංවිධානය කියාසිටී. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

වසංගතය මඬින්නට නම් “එන්නත් කරන්න, එන්නත් කරන්න, එන්නත් කරන්න…” යන්න ගායනය බවට පත්වී ඇති සෙයකි. එයම මෙරට තුළ දෛනික මරණ හා ආසාදිතයන්ට ආසාධ්‍ය වීම අවම කර ඇත. එන්නතේ විද්‍යාව මෙයයි. COVID-19 එන්නත් මඟින් රෝගය දරුණු වීමෙන් ආරක්ෂා වීමට මෙන්ම වෛරසය සම්ප්‍රේෂණය වීම සීමා කිරීමට ද හැකි බව එම සංවිධානය කියයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සියළුම රටවලින් සැප්තැම්බර් අවසානය වන විට 10% ක් සහ වසර අවසානය වන විට 40% ක් එන්නත්කරණය සම්පූර්ණ කරන ලෙස ඉල්ලා ඇත. එන්නත් සැපයුම් බාධාවන් පවතින පසුබිමක ප්‍රතිශක්තිකරණය පිළිබඳ උපායමාර්ගික උපදේශක කණ්ඩායම (SAGE) නිර්දේශ කරන්නේ සෞඛ්‍ය සේවා සහ පෙරටුගාමී සේවකයින්, වැඩිහිටියන් (60 සහ ඊට වැඩි) සහ රෝගාබාධ සහිත පුද්ගලයින් සඳහා එන්නත් ලබා දීමට ප්‍රමුඛතාවය දෙන ලෙසයි.

මේ සඳහා, කොවිඩ් -19 එන්නත සඳහා සාධාරණ ප්‍රවේශය වෙනුවෙන් කෝවැක්ස් පහසුකම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නායකත්වය දී ඇත. එන්නත් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඇතුළු අඩු සහ මධ්‍යම ආදායම් ලබන ආර්ථික ඇති රටවල් 92 ක් සඳහා කෝවැක්ස් සිය Advance Market Commitment (ඒඑම්සී) යාන්ත්‍රණය තුළින් ආධාර කරයි. අතිරේක මාත්‍රාවලට ප්‍රවේශ වීම සඳහා රටවල් සඳහා පිරිවැය බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් ද කෝවැක්ස් සතුව ඇත.

මෙම සාර්ථකත්වයේ කේන්ද්‍රස්ථානය වන්නේ ශ්‍රී ලංකාවේ ශක්තිමත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පදනම යි. මෙය සමස්ත රජය සහ සමස්ත සමාජ ප්‍රවේශය තුළම COVID-19 එන්නත සඳහා සූදානම් වීම සඳහා ඉක්මනින් අනුවර්තනය වී ඇත. ඉදිරිපෙළ සේවකයින් ආවරණය වන පරිදි එන්නත් යෙදීම ආරම්භ කරන ලද අතර පසුව එය වයස අවුරුදු 60 ට වැඩි සහ දැන් වයස අවුරුදු 30 ට වැඩි අය දක්වා ව්‍යාප්ත විය. තවද, එන්නත් සැපයුම් ලබා දීමෙන්, ආවරණය පුළුල් කිරීම උපායමාර්ගිකව කළමනාකරණය කරන ලද්දේ බස්නාහිර පළාතේ අවදානම් සහිත භූගෝලීය ප්‍රදේශයෙන් පටන් ගෙන පසුව වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්ත කිරීමෙනි. ඩෙල්ටා ප්‍රභේදයේ ප්‍රමුඛතාවයේ සන්දර්භය තුළ, සුදුසුකම් වැඩි කිරීමත් සමඟ රට පුරා ආවරණය කිරීම සම්ප්‍රේෂණයන් සහ දරුණු ආසාදන අඩු කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පෙන්වා දෙන පරිදි, වැදගත්ම කරුණ නම්, මෙතෙක් පවතින සාක්‍ෂිවලින් පෙන්නුම් කෙරෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද සියලුම එන්නත් COVID-19 ප්‍රභේදවලින් ආරක්ෂා වන බවය. තවද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත එන්නත් මාත්‍රා දෙකක් සමඟ ‘බූස්ටර් ෂොට්’ හෙවත් තුන්වැනි මාත්‍රාවක් අවශ්‍ය බවට මේ වන විටත් සාක්ෂි නොමැත. එසේම, සියලුම රටවල ප්‍රමුඛතා ජනගහනය සඳහා මාත්‍රා දෙකක් සඳහා ගෝලීය ප්‍රවේශය සහතික කිරීම සඳහා පවතින සැපයුම් සාධාරණ ලෙස බෙදා හැරීම වඩා වැදගත් ය. එබැවින් ප්‍රතිශක්තිය වර්‍ධනය වැඩිකරන මාත්‍රාවන් තාවකාලිකව අත්හිටුවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා ඇත.

ශ්‍රී ලංකාව එන්නත් වර්ග හයක් භාවිතා කර ඇත. ඇස්ට්‍රාසෙනෙකා (ජපානය), කොවිෂීල්ඩ්, මොඩර්නා, ෆයිසර්, සිනොෆාර්ම් සහ ස්පුට්නික් යන ඒවාය. ස්පුට්නික් හැර සෙසු සියල්ලන්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත බලපත්‍රය (EUL) ඇත. මේ වන විටත් ලංකාවට එන්නත් මිලියන 27 ක් ලැබී ඇති අතර එයින් 12.2% ක් ලබාගෙන ඇත්තේ කෝවැක්ස් ඒඑම්සී හරහා ය.

ඇත්ත වශයෙන්ම, එන්නත් පමණක් ප්‍රමාණවත් නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් පවසන්නේ ‘අපි මේ සියල්ල හැමවිටම කළ යුතුයි: එන්නත් ලබා ගැනීම, මුඛ ආවරණ පැළඳීම, විෂබීජ නාශක කිරීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යාම, දුරස්ථභාවය නිරීක්ෂණය කිරීම සහ තදබද ස්ථාන, සමීප සම්බන්ධතා සහ වසා ඇති (සංවෘත) ස්ථාන මඟහැරීම යන (3Cs = crowed places, close-contact settings, confined and closed places) කරුණු ය. මහජන සෞඛ්‍ය වෙනුවෙන් ගන්නා සමාජීය පියවරයන්ට අවනත වීම සහ ක්‍රියාත්මක කිරීම ආදිය සාමූහිකවම එන්නත‍ සාර්ථක හා ශක්තිමත් කිරීමේ පුද්ගල වගකීමක් බව.’ ද ඔහුු පෙන්වා දෙයි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා