ඉන්ධන මිල නැවතත් ඉහල යාවිද ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

තවත් මාස කිහිපයක් ඇතුළත ඉන්ධන මිල නැවත ඉහළ යනු ඇති බව සමගි ජන බලවේගය අනතුරු අඟවයි . එම පක්‍ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පැවසුවේ ඩොලරයේ සැබෑ වෙළදපොල අගය ප්‍රකාශයට පත් වුවහොත් එම තත්ත්වය නිර්මාණය වන බවයි.

ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිල ගණන්ද ඉදිරියේදී ඉහළ යනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ එහිදී වැඩිදුරටත් කියාසිටියේ.

මේ අතර භාණ්ඩ මිල , රජයේ පාලනයෙන් ගිලිහී ඇති බවද ඒ මහතා පැවසීය