නවතම පුවත්

බූස්ටර් එන්නතෙන් සති 10කට පසු තවත් එන්නතක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19‘ බූස්ටර් එන්නත ලබා දී ඇති බ්‍රිතාන්‍ය වැසියන්ට, සති 10 කට පසු, සිවුවැනි එන්නත් මාත්‍රාවක් ලබා දීම කළ යුතු යැයි බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් එරට රජයට උපදෙස් දී ඇතැයි ‘ඩේලිමේල්‘ වෙබ් අඩවිය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය වැසියන්ට බූස්ටර් එන්නත් ලබා දීම සිදුවූයේ ‘ඔමික්‍රෝන්‘ විකෘතිය බිහිවීමටත්, එය එරට සමාජ ගතවීමටත් පෙරය.

කෙසේ නමුත් අද වනවිට ‘ඔමික්‍රෝන්‘ විකෘතිය ඉතාමත් වේගයෙන් බ්‍රිතාන්‍යයේ ව්‍යාප්ත වෙන්නේ එසේ බූස්ටර් එන්නත් බොහෝ දෙනකුට ලබා දී තිබියදීය. පළමු ‘ඔමික්‍රෝන්‘ මරණය වාර්තා වූයේ ද බ්‍රිතාන්‍යයෙනි.

බ්‍රිතාන්‍ය වැසියන්ට බූස්ටර් එසේත් නැතිනම් තෙවැනි එන්නත් මාත්‍රාව ලෙස ලබා දී ඇත්තේ ‘ෆයිසර්‘ හෝ ‘මෙඩර්නා‘ යන එන්නත්ය.

බ්‍රිතාන්‍ය වෛද්‍ය පර්යේෂකයන් පෙන්වා දී ඇති අන්දමට සති 10 ක් ගත වෙද්දී, බූස්ටර් එන්නත ලෙස ලබා දුන් ‘ෆයිසර්‘ එන්නත ‘ඔමික්‍රෝන්‘ විකෘතිය හමුවේ සියයට 35 කින් ද, ‘මොඩර්නා‘ බූස්ටර් එන්නත සියයට 45 කින් ද අඩු වන බවය.

මේ අතර, ‘ඔමික්‍රෝන්‘ විකෘතිය ​‘ඩෙල්ටා‘ වැනි සෙසු කොවිඩ් විකෘති මෙන් බිහිසුණු නැතැයි ලෝක සෞඛ්‍ය අවධාරණය කර තිබියදී, සිවුවැනි එන්නතක් ලබා දීමට තීරණය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසියන් අතරේ අප්‍රසාදයක් ගොඩ නැගී ඇතැයි ද ​ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි