නවතම පුවත්

න්‍යෂ්ටික යුද්ධයක් අතලඟද ?

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විකිරණ හෝ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා භාවිතයට ගනු ලබන ඖෂධ පිළිබඳව තොරතුරු ලැයිස්තුව යාවත්කාලින කර තිබෙනවා. 

ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවිය සඳහන් මේ බව සනාථ කරමින් මෙසේ සඳහන් කර තිබෙනවා.

” ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද විකිරණ සහ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා වලදී ගබඩා කළ යුතු ඖෂධ ලැයිස්තුව, ඒවා සුදුසු ලෙස කළමනාකරණය කිරීම සඳහා වූ උපදෙස් සමඟ යාවත්කාලීන කරන ලදී. මෙම  ඖෂධ තොග විකිරණවලට නිරාවරණය වීම වැළැක්වීම හෝ අඩු කිරීම හෝ පුද්ගලයෙකු ඊට නිරාවරණය වූ පසු තුවාල වලට ප්‍රතිකාර කිරීම යන ඖෂධ මෙහි ඇතුළත් වේ.” 

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ, රුසියාව විසින් බටහිර රටවල් සමග යුද්ධයක් සිටින බවට යුරෝපා සංගමය සිදුකරනු ලැබූ අනතුරු ඇඟවීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම උපදෙස් මාලාව යාවත්කාලින කිරීමට පියවර ගෙන ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම වාර්තාව තුල න්‍යෂ්ටික ව්‍යසනයකින් බේරෙන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශයක් නිකුත් කර තිබෙන  ‘ද්වේෂ සහගත චේතනාවෙන් විකිරණ හෝ න්‍යෂ්ටික ආයුධ හිතාමතාම භාවිතා කිරීමට’ එරෙහිව අනතුරු අඟවා තිබෙනවා.

යුක්රේනයට අමෙරිකාව සහ ජර්මනිය විසින් යුධ ටැංකි ලබාදීමට පියවර ගැනීමත් සමග රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බටහිර රටවල් සමග කෝපයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ක්‍රෙම්ලිනය විසින් මෙම ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් නේටෝ සංවිධානයට චෝදනා එල්ල කරනු ලැබූවා. මෙය ගෝලීය ව්‍යවසනයට තුඩු දෙන කාරණාවක් වනු ඇති බවයි ක්‍රෙම්ලිනය වැඩිදුරටත් චෝදනා කර සිටින්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මරියා නීරා අනතුරු ඇඟවූයේ අද බොහෝ රජයන් න්‍යෂ්ටික හෝ විකිරණ ව්‍යසනයකට සූදානම් නැති බවයි.

ජනගහන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ හදිසි අවස්ථාවන්ට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට රජයන් සූදානම් වීම අත්‍යවශ්‍ය වේ. අවදානම් අවම කරන සහ විකිරණවලින් ඇති වන තුවාලවලට ප්‍රතිකාර කරන ජීවිතාරක්ෂක ඖෂධ සූදානම් කර තිබීම මෙයට ඇතුළත් වන බවයි ඇය ප්‍රකාශ කර සිටියේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා