නවතම පුවත්

sdvdvddd
17 September 2024

klkkl l
17 September 2024

2023 ANNI වාර්තාවේ ශ්‍රී ලංකා පරිච්ඡේදය එළිදකී

අසංක

අසංක

ආසියාවේ ජාතික මානව හිමිකම් ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳ 2023 සඳහා වන නවතම ANNI වාර්තාව එළිදැක්වේ. මෙම වාර්තාව නිකුත් කිරීම, මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM-ASIA) විසින් සිදු කරන ලදී. එහි ශ්‍රී ලංකා පරිච්ඡේදයේ කර්තෘත්වය හොබවන ලද්දේ ශ්‍රී ලංකාවේ නීතිය හා සමාජ භාරය (LST) විසිනි. මේ තුළින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ (HRCSL)කාර්ය සාධන තක්සේරුව සිදු කර ඇත.

2023 වසරේ ANNI වාර්තාවේ ශ්‍රී ලංකා පරිච්ඡේදය එළිදැක්වීම 2024 මැයි 30 දින කොළඹ ජෙට්වින් හෝටලයේදී පැවැත්විණ. එය මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM ASIA) හා එක්ව ජාතික මානව හිමිකම් ආයතන පිළිබඳ ආසියානු සිවිල් සංවිධාන ජාලය (ANNI), සහ ශ්‍රී ලංකාවේ නීතිය හා සමාජ භාරය (LST) විසින් සංවිධානය කරන ලදි.

ජාතික මානව හිමිකම් ආයතන පිළිබඳ ආසියානු සිවිල් සමාජ ජාලයෙ (ANNI) හි ලේකම් කාර්යාලය ලෙස කටයුතු කරනුයේ මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය (FORUM ASIA) යි. ජාතික මානව හිමිකම් ආයතන පිළිබඳ ආසියානු සිවිල් සමාජ ජාලයේ (ANNI) 2023 වසරේ වාර්තාව යනු, ආසියාවේ ජාතික මානව හිමිකම් ආයතනවල (NHRIs) මානව හිමිකම් සුරැකීම පිළිබඳ කාර්ය සාධනය පිළිබඳ ද්වි වාර්ෂික වාර්තාවකි.

ANNI සිය පළමු වාර්තාව ප්‍රකාශයට පත් කරන ලද්දේ 2007 දී ය. එය වසර කිහිපයක් හැර 2019 දක්වා වාර්ෂිකව වාර්තාවක් ලෙස ප්‍රකාශයට පත් විය. 2021 සිට, මෙම වාර්තාව ද්විවාර්ෂික ආකෘතියක් ලෙස එළිදක්වනු ලබයි.

2023 ANNI වාර්තාව මගින් 2021-2022 කාලය සීමාව තුළ රටවල් 13 ක අභියෝගවලට මුහුණ දීම සහ අවම කිරීම සඳහා ජාතික මානව හිමිකම් ආයතනවල (NHRIs) හි කාර්ය සාධනය තක්සේරු කරයි. විශේෂයෙන් කෝවිඩ් වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ සහ ප්‍රකෘතිමත් වීමේ කාලසීමාව වන 2021 ජනවාරි පළමු වන දා සිට 2022 දෙසැම්බර් 31 දක්වා මෙවර වාර්තාව තුළින් ආවරණය වෙයි.එමෙන්ම එම කාලසීමාවට අදාලව ආසියාවේ ස්ථාපිත හෝ ස්ථාපිත කිරීමට නියමිත ජාතික මානව හිමිකම් ආයතන දහතුනක කාර්ය සාධන තක්සේරුව ආවරණය කරයි.

මානව හිමිකම් සම්බන්ධව අවධානය දක්වන විශේෂිත රටවල ජාතික මානව හිමිකම් ආයතන පිළිබඳ ආසියානු සිවිල් සමාජ ජාලයේ සාමාජිකයින් මෙම වාර්තාව සඳහා NHRIs තෝරාගැනීම මූලික වශයෙන් තීරණය කරන ලදී. පරිච්ඡේද සම්පාදනය කළ සිවිල් සමාජ සංවිධාන (CSOs) වසර කිහිපයක සිට ඔවුන්ගේ රටවල NHRIs වෙනුවෙන් පෙනී සිටින අතර ඔවුන්ගේ කාර්ය සාධනය සහ මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා එහි දායකත්වය පිළිබඳ විශ්වසනීය ඉදිරිදර්ශනයක් ගෙන යයි.වාර්තාවේ ආවරණය වන NHRIs වල කාර්ය සාධනය පවතින මානව හිමිකම් ගැටළු වලට එරෙහිව හෝ ඊට ප්‍රතිචාර වශයෙන් තක්සේරු කර ඇති බැවින්, වාර්තාව ආසියාවේ මානව හිමිකම් ගැටළු සහ අභියෝග වඩාත් විධිමත්ව විග්‍රහ කරයි.

මෙම වාර්තාව එළි දැක්වීමේ අවස්ථාවට සාකච්ඡා සභාවක් ද ඇතුළත් විය.2023 ANNI වාර්තාවේ ලේඛනගත කිරීම සහ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටලු පිළිබඳ විවේචනාත්මක සාකච්ඡාවක් සඳහා HRCSL, සිවිල් සමාජ සංවිධාන සහ අනෙකුත් අදාළ පාර්ශවකරුවන්ගේ නියෝජිතයින්ගේ සහභාගීතවයෙන් පවත්වනු ලැබීය.

එය මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා මානව හිමිකම් කොමිසමේ කාර්ය සාධනය; සහ ශ්‍රී ලංකාවේ සිවිල් සමාජය සමඟ හවුල්කාරිත්වය සහ සහයෝගීතාව ඉදිරියේ දී වඩාත් වර්ධනය කිරීමට හා නීතියේ අධිපත්‍ය සහිතව සැමට සමානව මානව හිමිකම් සාධනය කිරීමේ ක්‍රියාවලියට අඛණ්ඩව දායක වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.මෙම සාකච්ඡා සභාවේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙනුවෙන් එහි කොමසාරිස් ෆර් ඉ හනීෆා, එහි අධ්‍යක්ෂ කපිලන් විල්ලව රාජන්, මානව හිමිකම් ක්‍රියාකාරීනීන් ලෙස ශ්‍රීන් සරූර් සහ මෙලනි ගුණතිලක ද අදහස් දැක්වීය.

එමෙන්ම මානව හිමිකම් ආර්ක්ෂ කිරීමේ ජාතික හා අන්තර් ජාතික සහයෝගයේ වැදගත්කම අගයමින් නීතිය හා සමාජ භාරය (LST) වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ සකුන්තලා කදිර්ගාමර් මහත්මිය හා මානව හිමිකම් සහ සංවර්ධනය සඳහා වූ ආසියානු සංසදය(FORUM ASIA) වෙනුවෙන් එහි වැඩ සටහන් කළමණාකාරිණි ෂොමිරා සන්යල් ද සභාව මෙහෙයමින් අදහස් දැක්වීය.

image-7
කඳුකර දෙමළ ජනතාවට, ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කරන්න !
image-6
මහවිලච්චියේ අම්මා , නාමල්ට එවූ ලිපිය මෙන්න -
income tax
පුද්ගල ආදායම් බදු අඩුවෙන හැටි
cars
වාහන ආනයනයට කැබිනට් අනුමැතිය
image-1
බානගල නා හිමියන් ගෙන් ඉන්දියා අගමැතිට ආරාධනාවක් .
Capture
රනිල්ගේ පස් අවුරුදු මෙහෙයුම එළිදකී
money
ඡන්ද කටේ ජනතාවට ඇති සැබෑම ප්‍රශ්නය ගැන සමීක්ෂණයකින් හෙළිවූ දේ..
image-14
ඕස්ට්‍රේලියානු රජයේ අනුග්‍රහය සහිත තිරසාර නිපුණතා සංවර්ධනයට කැප වන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG)