මැදපෙරදිග කලාපයේ හටගෙන ඇති යුදමය තත්ත්වයත් සමග ඉන්දියාව කඩිනමින් ඉරානයේ සිටින ඉන්දියානුවන් සිට රටට ගෙන්වා ගැනීමට වැඩි අවධානයක් යොමුකර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඉන්දීය මාධ්‍ය පැවසුවේ ඉවත් කිරීමේ මෙහෙයුමේ තවත් පියවරක් ලෙස ඉරානයේ මාෂාඩ් සිට ඉන්දීය ජාතිකයින් 285ක් දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් නවදිල්ලියට ළඟාවී ඇති බවය.

ඉරානයේ සිට ගෙන්වා ගත් මුළු ඉන්දීය පුරවැසියන් සංඛ්‍යාව 1,713 දක්වා ඉහළ ගොස් තිබේ.
එලෙස ආරක්ෂිතව රැගෙන ආ පිරිස අතරට බිහාර්, ජම්මු සහ කාශ්මීර්, දිල්ලි, උත්තර් ප්‍රදේශ්, රාජස්ථාන්, ගුජරාට් සහ මහාරාෂ්ට්‍ර වැනි ප්‍රාන්තවල වෙසෙන පිරිස් වෙයි.
ඉන්දියානුවන් ඉරානයෙන් ඉවත් කර ගැනීමේ මෙහෙයුම් තවත් පුළුල් කරමින් ඉදිරි දින කිහිපයේදී අතිරේක ගුවන් ගමන් සැලසුම් කර ඇති බවද ඉන්දීය බලධාරීන් පවසයි.