‘වහාබ්වාදය ව්‍යාප්ත වුණේ බටහිර රටවල ඉල්ලීම නිසයි’ – සෞදි කුමරු හෙළිකරයි

Picture of අසංක

අසංක

“වහාබ්වාදයේ ” ව්‍යාප්තිය සිදුවූයේ බටහිර රටවල ඉල්ලීම මත බව සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මන් අවධාරණය කර සිටී.

සීතල යුද්ධය” පැවති කාල වකවානුවේ , සෝවියට් දේශයට එරෙහි සටනට සහය දෙන ලෙස බටහිර රාජ්‍යයන් සවුදි අරාබියෙන් කල විවිධ ඉල්ලීම් හා යෝජනාවන්හි ප්‍රතිඵලයක් ලෙස “වහාබ්වාදය” ලොව පුරා මෙසේ ව්‍යාප්ත වූ බවද ඇමෙරිකාවේ වොෂිංටන් පෝස්ට් පුවත්පතට සම්මුඛ සාකච්ජාවක් ලබාදෙමින් සල්මන් කුමරු සඳහන් කර ඇත.

සෝවියට් දේශය , මුස්ලිම් රාජ්‍යයන් සමග සමීප වීම හා ඒවාට විවිධ ක්‍රම හරහා ඇතුළුවීම වැලැක්වීම සඳහා , විදෙස් රටවල පිහිටි මුස්ලිම් පල්ලි හා මද්‍රසා විද්‍යාලවලට මුදල් ආයෝජනය කරන ලෙස බටහිර රාජ්‍යයන් , සවුදි රජයට බලකර සිටි බවද සල්මන් කුමරු මෙහිදී අනාවරණය කර ඇත. මේ වනවිට මෙම ක්‍රියාවලිය සවුදි රජයේ දනුවත්භාවයෙන් තොරවද ක්‍රියාත්මක වන බවත් , මේ වනවිට වහාබ්වාදයේ ව්‍යාප්තිය සඳහා වැඩිවශයෙන් මූල්‍යාධාර ලැබෙන්නේ සවුදි රජය හරහා නොව සවුදියේ විවිධ “පදනම්” හරහා වන බවත් සල්මන් කුමරු අනාවරණය කර ඇත.