RDA එකට කිරිඇල්ලගේ බලපෑමෙන් නීතිවිරෝධී බඳවාගැනීම් රැසක්

Picture of අසංක

අසංක

මාර්ග සංවර්ධන අධිකාරියට 2015 වසරේදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදෙස් පරිදි මහජන සම්බන්ධතා නිලධාරීන් පිරිසක් බඳවා ගෙන ඇත්තේ නිසි ක්‍රමවේදයට පටහැනිව බව අද (12) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ දී හෙළිදරව් විය.

වත්මන් රජය සමයේ රාජ්‍ය ආයතනයන්හි සිදු වූ වංචා දූෂණ පිළිබඳ සොයා බලන විශේෂ ජනාධිපති කොමිසම හමුවේ මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරීවරියක් අද සාක්ෂි ලබාදුන්නා අද සාක්ෂි ලබාදුන් අතර එහිදී මේ පිලිබඳ කරුණු අනාවරණය විය .

ඇය අනාවරණය කළ කරුණුවලට අනුව අදාළ පත්කිරීම් සිදු කිරීම සඳහා ඉල්ලීම් කර ඇත්තේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ උපදෙස් පරිදි ,ඔහුගේ දියණියක වන අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් චමින්ද්‍රිනී කිරිඇල්ල මහත්මිය විසින් යොමු කළ ලිපියකට අනුවය.

එහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ද අනුමත කරන ලද ලේඛනයකින් පුද්ගලයින් 44 දෙනෙක් සම්මුඛ පරීක්ෂණයකට කැඳවා, ඔවුන් සියලු දෙනාම මහජන සම්බන්ධතා නිලධාරීන් ලෙස පත් කර තිබේ.

අදාළ වර්ෂය තුළ මෙම නීත්‍යනුකුල නොවන පත්වීම් නිසා රජයට සිදු වුණු අලාභය රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයකි.