නවතම පුවත්

‘මොහොමඩ් මිල්හාන් අත්අඩංගුවට ගත හැකි වුණේ රතු වරෙන්තුව නිසයි’- ඉන්ටපෝල් කියයි

අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ ප්‍රධානතම ත්‍රස්ත සැකකරුවෙක් මෙන්ම ශ්‍රී ලංකාවේ සිදුවන ත්‍රස්ත විමර්ශනවලට අත්‍යාවශ්‍ය සැකකරුවකු වන ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ සන්නද්ධ නායක මොහොමඩ් මිල්හාන් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට භාරදීමේ ක්‍රියාවලිය සඳහා සහය වීමට හැකිවීම ආඩරම්බරයට කරුණක් බව ජාත්‍යන්තර පොලීසිය පවසයි.

එහි මහලේකම් චොයිචල් ස්ටෝක් පෙන්වා දෙන්නේ ඉන්ටපෝල් හෙවත් ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තුව හේතුවෙන් අහමද්මිල්හාන් හයාතු මොහොමඩ් නමැති 29 හැවිරිදි සැකකරු ඇතුළු පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවන් 5 දෙනකු මැදපෙරදිග රටකදී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි.

පාස්කු ඉරිදා පහාරය සිදුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි පළමු ජාත්‍යන්තර කණ්ඩායම වන්නේ ඉන්ටර්පෝල්හි අයිආර්ටී හෙවත් සිද්ධි ප්‍රතිචාර කණ්ඩාමයි.

එහිදී මෙරට ආරක්ෂක අංශ සමග එක්ව තොරතුරු හුවමාරු කරගනිමින් ජාත්‍යන්තර වශයෙන් රතු වරෙන්තු නිකුත් කළ යුතු සැකකරුවන් සම්බන්ධයෙන් ඔවුන් තොරතුරු සාකච්ඡා කර ඊට අදාළ පියවර වහාම ගත් බව ඔහු පෙන්වා දෙයි.

“රතු වරෙන්තුවක් කියන්නේ දේශී සීමාවලින් සීමා නොවී ජාත්‍යන්තර වශයෙන් යුක්තිය ඉටුකිරීම සඳහා රට රටවල්වලට සහය වීමේ ප්‍රබලතම මෙවලමක්. ඉන්ටපෝල් රතු වරෙන්තුව නිකුත් කිරීම මගින් මිල්හාන් අත්අඩංගුවට ගැනීමට ලොකු සහයක් වුණා. එමගින් ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන එරටට භාරදීමට හැකිවීම සතුටට හා ආඩමබරයට කරුණක්” යැයි මහලේකම්වරයා අවධාරණය කර තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා