තවුහීඩ් ජමාත් කොළඹ සංවිධායකට ඇප

Picture of අසංක

අසංක

ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු බව කියන මොහොමඩ් ෆ්වාස් නැමැත්තා ඇප මත මුදාහැර තිබේ.

ඒ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද කරන ලද නියෝගයකට අනුවයි.

සැකකරු රුපියල් ලක්ෂ 5 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණු අතර ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියම කළේය.

මෙම සැකකරු සම්බන්ධයෙන් දැනට සිදුකර ඇති විමර්ශනවලට අනුව ඔහුට ඇප දීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර ලිපියක් සලකා බැලීමෙන් පසුව අධිකරණය මෙම නියෝගය කර ඇත.

මෙම නඩුව සැප්තැම්බර් මස 24 වනදා කැඳවීමට ද අධිකරණය නියම කළේය.