8 වැනිදා කළ එළි බහින පොහොට්ටුවේ අලුත්ම වැඩේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඔක්තෝබර් 8 වැනිදා එළිදක්වන බව එම පක්ෂය සදහන් කරයි
ඒ අනුව ඉදිරි ජනාධිපතිවරණයට අදාල සැලසුම් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ඊට පක්ෂයේ ජාතික සංවිධාකය බැසිල් රාජපක්ෂ මහතා පෙරමුණ ගෙන ඇති බව එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය

මේ වන විටත් ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කිරීමට කමිටු 29 පිහිටුවා ඇති බවත් එමගින් සෑම ස්ථරයක් නියෝජනය කරමින් දත්ත රැස්කරගන්නා බවද ඒ මහතා පෙන්වා දුන්නේය. මෙම දත්ත් එක්කර ගිනිමින් ක්ෂේත්‍ර 550 විද්වතුන් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස්කිරීමට සැලසුම්කර ඇති බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය