ලංකාවේ ඉන්ධන සමාගමක් අරඹන්න චීනය සැරසෙයි

Picture of අසංක

අසංක


චීනයේ සිනොපෙක් ආයතනය හෙවත් ඛනිජ තෙල් හා රසායනික සංස්ථාව හෙ මෙරට ඉන්ධන සමාගමක් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර සිටී.

‘ෆුවෙල් ඔයිල්’ ශ්‍රී ලංකා සමාගම ලෙස අදාළ සමාගම නම් කර ඇති අතර එය හම්බන්තොට ප්‍රදේශයේ ආරම්භ කිරීමට නියමිත බවද වාර්තාවේ.

චීනයේ ඛනිජ තෙල් හා රසායනික සංස්ථාව හෙවත් සිනොපෙක් ආයතනය ශ්‍රී ලංකාව තුළ මෙලෙස ඉන්ධන සමාගමක් පිහිටුවීමේ අරමුණ වී ඇත්තේ, සූවස් ඇළ සහ මලක්කා සමුද්‍ර සන්ධිය අතර ප්‍රධාන නැව් මාර්ගයේ නෞකාවලට ඉන්ධන සැපයීම වන බවද චීන මාධ්‍ය වාර්තා පවසයි.

2020 වන විට මෙට්‍රික් ටොන් මිලියන 10ක ධාරිතාවක් සහිත මෙම සමාගම විදුලි බලාගාර සඳහා භාවිත කරන ඉන්ධන ද සැපයීමට අපේක්ෂා කරන බව චීන මාධ්‍ය වාර්තාවන්හි සඳහන් ය.