A-9 මහනුවර යාපනය මාර්ගයේ මාතලේ පලාපත්වල නගරය පසුකරන විට තිබෙන ප්‍රධාන පාලමේ පැතිබැම්ම අද උදෑසන සිට නාය යමින් පැවති අතර සවස් කාලයේ පාලමේ පැති බැම්ම කොටසක් නාය යාමට ලක් වුනා මහනුවර සිට ගමන් ගැනීමේදි දකුණු පස පාලමේ පැතිබැම්ම මෙසේ නය ගොස් තිබුණු බව අප වාර්තාකරු වැඩිදුරටත් සදහන් කලා.
මේ දිනවල මාතලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතින බවත් පැවසුවා.
මේ දිනවල ඔබ රිය ධාවනය කිරිමේදී ඉතා සැලකිලිමත්ව රිය ධාවනය කරන ලෙස පොලිසීය හා ආපදා කලමණාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.