සරණාගතයන් වළකන්න ඕස්ට්‍රේලියා-ලංකා ඒකාබද්ධ වැඩසටහනක්

Picture of අසංක

අසංක


ශ්‍රී ලාංකික සරණාගතයින් නීති විරෝධී ලෙස ඔස්ට්‍රේලියාවට ඇතුළුවීම වැලැක්වීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් දියත් කල යුතු බව ඕස්ට්‍රේලියානු රජය උතුරු පළාත් ආණ්ඩුකාරවරයාට දන්වා ඇත.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් ඩේවිඩ් හොලි මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර පවතී විශේෂ හමුවකදී මෙම දැනුම්දීම කර ඇත.

නීතිවිරෝධී සංක්‍රමණිකයින් රඳවා තබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු රජය දැඩි පියවර ගනිමින් සිටින බවද හෝලි මහතා මෙහිදී අවධාරණය කර ඇත.

උතුරු පලාතෙන් සරණාගතයින් ඔස්ට්‍රේලියාව වෙත පැමිණීම වැලැක්වීම සඳහා අවශ්ය් පියවර ගන්න ලෙසද හෝලි මහතා මෙහිදී ඉල්ලා සිට ඇත.