BREAKING NEWSExpress Gossip


Share now!

උතුර දකුණ මාරුවෙන අරුම පුදුම කාන්තාරය ජීවත්වෙනේ අමුතුම සත්තු විශේෂ නිරන්තරයෙන් උල්කාපාත කඩා වැටෙනවා

අපි ජීවත්වෙන ලෝකය හරිම අපූරු තැනක්. මේ අපුරුත්වය ඇතිවෙන්නේ අපේ ලෝකයේ ජීවත්වෙන විවිධ පුද්ගලයින් වගේම විවිධ ස්ථාන හින්දයි. ඒ ස්ථාන වලින් සමහරක් අපිට හිතාගන්න බැරි විදිහේ සිද්ධි වලට හේතු පාදක වෙලා තියෙනවා. මේ අතරින් අපිට පැහැදිලි කරන්න අමාරු එහෙමත් නැත්තම් අත්භූත සිදුවීම් වලට තෝතැන්නක් වුන ස්ථානත්  ඕනෑතරම් තියෙනවා.

ඇත්තටම අපි අද කියන්නයන තැනත් ඒ වගේම අත්භූත තැනක්. මේ තැන පිහිටලා තියෙන්නේ ඇමරිකාවෙයි. හිරියටම තැන කියනවානම් ටෙක්සාස් ප‍්‍රන්තයේ එල් පාසෝ වල ඉදලා හැතැප්ම හාරසීයක් දකුණට වෙන්නයි. මේ ප‍්‍රදේශය අපි අහල තියෙන විදිහටම ඉතාම කර්කෂ වාලූකාවක්. මේ ප‍්‍රදේශයට අසන්නයෙන්ම පිහිටලා තියෙන්නේ සෙබා යෝස් කියන කුඩා නගරයයි.

කොහොම වුනත් මේ නගරයක් අපි හිතේ මවා ගෙන ඉන්න ඇමරිකාව නගරයක ස්වරූපයක් නම් ගන්නේ නැහැ.  ඈත්තටම මේක බැලූ බැල්මට නගරයක් කියන්නත් අමරුයි, මොකද ඒ තරමටම මේ නගරය පාළුවට ගිය ඉතාම දුෂ්කර ස්භාවයිකිනුයි දිස්වෙන්නේ. කොටින්ම මේ නගරයට ගිය අයෙක්ට තමන් ඇමරිකාවෙද ඉන්නෙ ්කියලත් අමතකවෙන තරමට දුෂ්කරයි.

හැබැයි අපි කතාකරන්න යන්නේ මේ නගරය ගැන නම් නෙමෙයි ඊට මදක් එහාට වෙන්න තියෙන කාන්තර පෙදෙස තමයි අපේ කතා වස්තුව වෙන්නේ. කොහොම වුනත් සෙබා යෝස් නගරයේ වැසියන් මේ කාන්තාර ප‍්‍රදේශයට කියන්නේ ‘සෝනා ඩෙල් සයිලෙන්සියෝ’ කියලයි. මෙහි සරල අරුත වෙන්නේ නිහැඩියාවේ කලාපයයි. 

මේ පළාත ගැන අධ්‍යනය කළ විද්‍යාඥයින් බහුතරයක්ම සදහන් කරන්නේ මහ පොලොව මත අත්වි`දි අත්භූතම කළාපය මෙම ප‍්‍රදේශය කියලයි. 

 ‘සෝනා ඩෙල් සයිලෙන්සියෝ’ වලට අසලින් ගමන් කරන්න කිසිවෙකුට මොනයම් හෝ කරදරයක් වුනෙත් ඉතා අමිහිරි අත් දැකීමකට මුහුණ දෙන්න සිදුවෙන එක නො අනුමානයි. මොකද මේ ප‍්‍රදේශය තුලදී සියලූම දුරකථන අකී‍්‍රයවීමකට ලක්වෙනවා .එ් නිසා කිසිම සංඥාවක් දුරකථනට ලැබෙන්නේ නැහැ ඒ විතරක් නෙමෙයි දුරකථනයේ අනෙන් පහුසක්ම් පබා අක‍්‍රිය වීමකට ලක්වෙනවා. මේ නිසාම මෙම ප‍්‍රදේශය තුල බොහොමයක් ඩිජිටල් උපකරණ අක‍්‍රීය වීමකට ලක්වෙන බවටයි විද්‍යඥයින් සදහන් කරන්නේ. කොටින්ම කියනවා නම් සියලූම ඩිජිටල් උපකරණ මේ කළාපයේ දී පිස්සු නටන්න පටන් ගන්නවා. ඔව් මේ කාරණය විශ්වාස කරන්නත් අමරුයි තමයි හැබැයි මේ අත්දැකීම ‘සෝනා ඩෙල් සයිලෙන්සියෝ’ වලට ගිය හැම කොනෙක්ටම මුහුණ දීලා තියෙනවා කියලි වාර්ථා වෙන්නේ. 

දුරකථන වගේම රේඩියේ වැනි උපකරණත් මෙම ප‍්‍රදේශයේදී අක‍්‍රීය වෙනවා. ගැන පරීක්ෂාකර කළ පිරිස් සදහන් කරන්නේ. ඇත්තටම මේ ප‍්‍රදේශය චිත‍්‍රපටිවල පෙන්වන පාළු කාන්තාර ප‍්‍රදේශවලටත් වඩා අත්භූත ප‍්‍රදේශයක් කියලයි විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

මේ සේරටම වඩා අත්භූත සිද්ධය නම් මේ ප‍්‍රදේශයේ දී මාලිමාවෙන් උතුරු දිසාව හොයාගන්න බැරි වීමයි. ඒ ‘සෝනා ඩෙල් සයිලෙන්සියෝ’ වලදී මාලිමාවේ කටවු වේගයෙන් කැරකෙන්නට පටන් ගැනීම නිසයි. මේ පළාතට ඇතුළු වෙනවාත් එක්කම මාලිමාව අත්භූත විදිහට හැසිරෙන්න පටන් ගන්නවා කියලයි ‘සෝනා ඩෙල් සයිලෙන්සියෝ’ගැන පරීක්ෂණ කරපු හැම පුද්ගලයෙක්ම සදහන්කර තියෙන්නේ.

ඒ වගේම පළාත පුරාම අමුතු ජාතියේ ගල් වලින් පිරිලයි තියෙන්නේ. අමුතුයි කියලා අදහස් කළේ ඒ ගල් පළාත පුරාම විසිරිලා ගිහිල්ලා තියෙන විදිහ හින්දයි. මොකද ඒ සියල්ල කිසියම් විදිහකට බලපෑමක් නිසා පිහිටලා තියෙනවා එහෙමත් නැත්තම් කිසියම් පුද්ලයෙක් වුවමනාවෙන්ම මේ ගල් ඒ තැන්වල තැන්පත් කරලා තියෙන ආකාරයටයි මේ ගල් පිහිට තියේන්නේ්.

‘සෝනා ඩෙල් සයිලෙන්සියෝ’  ගැන කාලයක් තිස්සේ අධ්‍යනය කරපු තැනැත්තෙකු වන ඬේවිඞ් චිල්ඞ්රස් කියන විදිහට මේ ප‍්‍රදේශයේ ජීවත්වෙන සතුන් ටෙක්සාස් වල පිහිටි අනෙකුත් කාන්තාර වල ජීවත්වෙන සතුන්ට වඩා වෙනස් මේ සත්තු තරමක විකෘති ලක්ෂණ පෙන්නුම් කරනවා කියලත් චිල්ඞ්රස් සදහන් කරනවා.

කොටින්ම කියනවානම් මේ ප‍්‍රදේශයට අඩිය තිබ්බ ගමන් මොකක්දෝ අමුත්තක් ඇගට දැනෙවා කියලයි චිල්ඞ්රස් කියන්නේ. 

නිහැඩියාවේ කලාපය මුලින්ම සොයා ගත්තේ 1930 දශකයේ මෙකසිකානු ජාතිකගුවන් නියමුවකු වුන ෆ‍්‍රැන්සිස්කෝ සරාබියායයි. මේ ප‍්‍රදේශය ගැන ඔහු ප‍්‍රකාශකර සිටියේ මේ ප‍්‍රදේශයට ඉහලින් තමන්ගේ ගුවන්යානය පියාසර කරද්දි හිටි හැටියේම ගුවන්යානයේ රේඩියෝව කි‍්‍රයා විරහිත වීමකට ලක්වුන බවයි. ඒ එක්කම ගුවන්යානය සිය පාලනයෙන් ගිලිහීමකට ලක්වුන බවටත් ඔහු සදහන් කර තිබෙනවා. 

ඒ වගේම මේ ප‍්‍රදේශය ගැන පුළුල් වශයෙන් අධ්‍යනය කළ පුද්ගලයෙකු වගේම පිටසක්වල ජීවය සෙවීම වෙනුවෙන් කැපවන්නකු වෙන රූබන් යුරියාටේ  සදහන් කරන්නේ  මීට වඩා වෙනස්ම කතාවක්්. ” මේ කාන්තාර ප‍්‍රදේශයයි බර්මුඩා ති‍්‍රකොණයයි. ඇත්තටම සරල රේඛාවක්යි පිහිටි තියෙන්නේ.” මේ බව සනාථ කරමින් ඔහු ලෝක සිතියම යෙදා ගනිමින් සිය තර්කය සනාථ කරන්නත් සමත්වෙනවා.

ඒ වගේම යුරියාටේට අනුව මේ සරළ රේඛාවට ඔස්සේ ලොක සිතියම ඔස්සේ ඉදිරියට ගමන් කළ විට එය ඊජිප්තුවේ පිරමීඩ වල පිහිටීමට ද සමාන්තරව පිහිට තිබෙන බවටද පෙනීයනවා. ඒත් එක්කම යුරියාටේ මතු කරණු ලබන කාරණයවන්නේ මේ සියල්ලේ යම් කිසි අත්භූත සම්බන්ධතාවයක් පවතින බවයි. 

මේ අතර මාහාචාර්ය සාරා සීගර් පෙන්වා දෙන්නේ  පෘථිවියේ සෑම ස්ථානයකමට එකම අයුරකින් ගුරුත්වාකර්ෂණය පිහිටා නොතිබන බවයි. ඒ අනුව ‘සෝනා ඩෙල් සයිලෙන්සියෝ’ වල ගුරුත්වාකර්ෂණය වෙන් වන්නට හැකියාවක් පවතින් බවයි ඇය සදහන් කරනේ.

1970 ජූලි 11 වැනිදා නිහැඩියාවේ කලාපය තුල අමතුම මෙතෙක් නොවූ සිදුවීමක් වෙනවා. ඒ ඇමරිකාවේ ගුවන් හමුදාව අත්හදාබලන මිසයිලයක්  හිටිහැටියේම මේ ප‍්‍රදේශයට කඩාවැටීම නිසයි. කොහොම වුනත් කිසිම මිනිස් වාසයක් නැති නිසා මිසයිලය කඩාවැටීමෙන් කිසියෙකුටවත් හානියක් නම් සිදුවෙන්නේ නැහැ.

ඒත් මේ මිසයිලය පතිත වීමට නියමිත ස්ථානය  වුනේ ‘සෝනා ඩෙල් සයිලෙන්සියෝ’ වලින් හැතැප්ම හත්සීයක් දුරින් පිහිටලා තිබුණ නිව් මෙක්සිකෝ වල වයිට් සෑන්ඞ් මිසයිල් පර්යේෂණ කලාපයටයි.

හැබැයි කාටවත් හිතා ගන්න බැරි විදිහට මේ මිසයිලය තමන්ගේ ඉලක්කයත් පහුකරගෙන හැතැප්ම සිය ගණනක් එහායින් පිහිටි නිහැඩියාවේ කාලාපයටයි පතිත වීමට සම්බන්ධයෙන් ඇමරිකානු ආරක්ෂක අංශ තුල දැඩි සැකයක් නිර්මාණය කරනවා.

මෙම සිදුවීම ගැන ලොකු ප‍්‍රසිද්ධියක් නොදුන්නත්  මිසයිලයේ ගමන් මග  මේ විදියට  වෙනස් වීම සම්බන්ධයෙන් තාක්ෂණවේදීන් කියා සිටියේ කිසියම් හෝ බාහිර බලපෑමක් නිසාවෙන් මිසයිලය නිහැඩියවේ කළාපයට ආකර්ෂණ වුන බවයිි. කොහොම වුනත් මේ ගැන එවකට නාසා ආයතනයේ නිල ප‍්‍රකාශක පවා ප‍්‍රකාශ කර සිටියේ මිසයිලය ඒ අයුරුන් සැතපුම් සිය ගණනක් ඉලකක්ය පහුකර යෑම හිතා ගන්න බැරි දෙයක් කියලයි ප‍්‍රකාශක කළේ. කොටින්ම කියනවා නම් කොළඹට එල්ල කරපු මිසයිලයක් ගාල්ලට පතිත්වුනා වගේ දෙයක් තමයි මෙහිදී සිද්ධවෙලා තියෙන්නේ. ඉතින් මේවගේ සිදුවීමක් නිකම්මනිකම් අහඹුවක් කියලා හිතන්න ටිකක් අමාරුයි.

කොහොම වුනත් ඇතැම් පර්යේෂකයන් කියන විදිහට නම් මේ ප‍්‍රදේශයට මිසයිලයවට අමතරව තවත් බොහෝ දේවල් ඇදිලා ඇවිත් තියෙනවා. ඒවගේ මෙම ප‍්‍රදේශය පිළිබද පරීක්ෂා කරන පිරිස් සදහන් කරන්නේ් වර්ෂ දහස් ගණනාවක ඉදන් අස්වභාවික විදිහට උල්කාපාත විශාල සංඛ්‍යාවක් මේ ප‍්‍රදේශයට කඩාවැටෙනවා කියලයි. 

ඒ නිසාම විද්‍යාඥයින් කියන විදිහට මේ නිහැඩියාවේ කළාපය තුල පෘථිවියේ අනෙකුත් ස්ථානවලට වඩා වෙනස් වගේම බලවත් ශක්තියක් ගැබ්වෙලා තියෙනවා කියලයි. ඒ නිසාම පෘථිවියේ වායුගෝලයට ඇතුළුවෙන උල්කාපාත අභ්‍යාවකාෂ සුන්බුන් මේ ප‍්‍රදේශයට ඇද ගැනීමකට ලක්වෙනා කියලයි විද්‍යාඥයින් විශ්වාස කරන්නේ.

කොහෙම වුනත් මේ කළාපයට අසාමාන්‍ය විදිහට උල්කාපාත කඩාවැටීමට හේතු වෙන්නේ කුමක්ද කියලා කියලවත් වෙනස්ම ජීවි කොට්ඨාශයක් ජීවත්වෙන්නේ කොහොමද කියලවත් තවමත් විදිමත් පර්යේෂණයක් කෙරිලා නැහැ. ඒ නිසා මේ නිහැඩියාවේ කළාපය තුල ඇත්තටම සිද්ධවෙන්නෙ මොකක්ද කියලා හරියටම දැනගන්න අපිට තවත් කල් බලාගෙන ඉන්නවෙයිි.

සචිර සේනාරත්න