අවම බස් ගාස්තුව රුපියල් 16ක් ?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

අවම බස් ගාස්තුව රුපියල් 16 ක් දක්වා ඉහළ නැංවීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇතැයි වාර්තාවේ .

. ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 02 කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙකු මාධ්‍ය වෙත  සඳහන් කළේය .

මේවනවිට අවම බස් ගාස්තුව වන්නේ රුපියල් 14 ක්වේ.. ඉන්ධන මිල ඉහළ නැංවීම හේතුවෙන් බස් ගාස්තු සංශෝධනයක් සිදුකරන බවත්, එම ගාස්තු පිළිබඳ අනිද්දා ප්‍රකාශයට පත් කරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ඊයේ ප්‍රකාශ කර තිබින

කෙසේවෙතත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේ ගණනය කිරීම්වලදී යෝජිත අවම බස් ගාස්තුවට වඩා සුළු ප්‍රමාණයක වැඩිවීමක් සිදු කිරීමට නියමිතව තිබූ බවයි.