පී බී ගේ ඉල්ලා අස්වීම ජනපති පිළිගනියි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ජනාධිපති ලේකම් ආචාර්ය පී බී ජයසුන්දර යොමු කළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇතැයි වාර්තාවේ .

ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වීම සඳහා පී බී ජයසුන්දර මීට දින කිහිපයකට පෙර ලිපියක් යොමු කර තිබුණ ද ඊට ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වා නොතිබිණ ,

ඉන්පසු සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පී බී ජයසුන්දර විසින් තවත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළේ. පිටු 04 කින් සමන්විත එම ඉල්ලා අස්වීමේ ලිපියේ පී බී ජයසුන්දර විසින් දීර්ඝ ලෙස කරුණු දක්වා තිබූ බව ද වාර්තා වේ.

මේ අතර නව ජනාධිපති ලේකම්වරයා ලෙස නම් 03 ක් යෝජනා වී ඇති බවයි රජයේ ආරංචි මාර්ග අනාවරණ කළේ. අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක සහ දකුණු අප්‍රිකාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන එස් අමරසේකර එම තිදෙනායි.