බොලිවුඩයේ සුපිරි නළු ෂාරුක් ඛාන්, කොළඹදී විවෘත කිරීමට නියමිත නවතම සුඛෝපභෝගී නිකේතන ව්‍යාපෘතියක් වන ‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ (City of Dreams Sri Lanka) හි සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවට වාර්තා පළ වේ. 2025 අගෝස්තු මස 2 වන දින පැවැත්වීමට නියමිත
මෙම උසස් පෙළේ උත්සවයේ ප්‍රධාන ආකර්ෂණය ඔහු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ෂාරුක් ඛාන් හෝ ඔහුගේ නියෝජිතයින් විසින් මේ සම්බන්ධයෙන් මෙතෙක් නිල තහවුරු කිරීමක් සිදු කර නොමැති නමුත්, සංවිධායකයින්ට සමීප බහුවිධ ආරංචි මාර්ග ඔහුගේ පැමිණීම බොහෝ දුරට ස්ථිර බවට ඉඟි කර ඇත.
‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ සහ ‘සිනමන් ලයිෆ්’ (Cinnamon Life) විසින් දියත් කර ඇති ප්‍රවර්ධන ව්‍යාපාර තුළ “විශේෂ අමුත්තෙකුගේ” පැමිණීම පිළිබඳව ඉඟි පළ කර ඇති අතර, එහිදී භාවිත කර ඇති රූප සහ සංකේත ෂාරුක් ඛාන් වෙත දැඩි ලෙස යොමු වී ඇත. මෙම සමාරම්භක උළෙල ශ්‍රී ලංකාවේ සංචාරක සහ විනෝදාස්වාද ක්ෂේත්රය සඳහා සන්ධිස්ථානයක් වනු ඇති අතර, ජාත්‍යන්තර කීර්තිමත් පුද්ගලයින්, ආයෝජකයින් සහ මාධ්‍යවේදීන් රැසකගේ අවධානය ඒ වෙත යොමු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. තවද, රටේ ආර්ථික අර්බුදයෙන් පසු නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේ වැදගත් සලකුණක් ලෙසද මෙය සැලකේ.

‘සිටි ඔෆ් ඩ්‍රීම්ස් ශ්‍රී ලංකා’ යනු මෙරට සුඛෝපභෝගී ජීවන රටා ක්ෂේත්රයේ සිදු කළ විශාලතම පෞද්ගලික අංශයේ ආයෝජනයයි. ජෝන් කීල්ස් සමාගම මගින් කොළඹ නගරය ගෝලීය සංචාරක සහ විනෝදාස්වාද කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ. මෙම ස්ථානයේ කැසිනෝ ක්‍රීඩා සිදුකිරීමට අවසරයද හිමිව ඇති අතර ඉදිරියේදී විදේශ සංචාරකයින් ඒ නිසාම පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (JKH) සහ ලෝක ප්‍රකට Melco Resorts & Entertainment සමාගම එක්ව සිදු කළ මෙම දැවැන්ත ව්‍යාපෘතිය, දකුණු ආසියාවේ විශාලතම ඒකාබද්ධ සංචාරක නිකේතනය පිහිටුවීමක් ලෙසද විස්තර වේ.
මින් ඉහත 2004 වසරේදී දෙසැම්බර් මස 11 වැනි දින ෂාරුක් ඛාන් සහභාගි වූ මෙරට “Temptation 2004” නමින් සංවිධානය කළ ප්‍රසංගය ගංගොඩවිල සෝම හිමියන් අපවත්වූ වකවානුවේ පැවැත්වීම නිසා එවැනි සංදර්ශනයක් අනවශ්‍ය බවට අන්තගාමී කණ්ඩායම් විරෝධය පළ කර තිබුණි. ජාතික හෙළ උරුමය විසින් දැඩි විරෝධතා පවත්වා තිබූ එම ප්‍රසංගයට ෂාරුක් ඛාන් හා සයිෆ් අලි කාන් එක්ව තිබුණි.
කොළඹ විහාර මහාදේවී එලිමහන් පිටියේ පැවති ප්‍රසංගය කඩාකප්පල් කිරීමේ අරමුණින් ජනතාව රැස්ව සිටි ස්ථානයට
බෝම්බ ප්‍රහාරයක්ද එල්ල කර තිබූ අතර ඒ සමග ප්‍රසංගය අවසන් කෙරිණි.
එදා රාත්‍රියේම නළුවන් දෙපළ ඉන්දියාවට නැවත ගිය අතර ගුවන් තොටුපළේදී පවසා තිබුනේ ශ්‍රී ලංකාවට යළි කිසිදා පැමිණෙන්නේ නැති බවයි. පසුකාලීනව කොළඹදී පැවති අයිෆා උළෙල, හිරු ෆිල්ම් අවොර්ඩ්ස් ඇතුළු බොලිවුඩ් තාරුකා පැමිණි උත්සව ගණනාවකට ෂාරුක් පැමිණි බවක් වාර්තා නොවීය.
ෂාරුක් අගොස්තු මාසයේ එලෙස පැමිණෙන්නේ නම් ඔහුගේ පැමිණිම ශ්‍රී ලංකාවට සිදුවන්නේ වසර 21 කට පසුය.