‘ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ලංකාව සමඟ ඉන්නවා’ – මෝදි

Picture of අසංක

අසංක

.අප්‍රේල් 21 ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සහයෝගිතාව දැක්වීමක් ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයකට අනුව තමා මෙම සංචාරයේ නිරත වන බවත් ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ඉන්දියාව ශ්‍රී ලංකාව සමග සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත .

එසේම ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම සංචාරයේදී වැඩි අවධානයක් යොමුවනු ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණ කළේ ය.

මේ අතර ඉන්දීය විදේශ ලේකම් විජේ ගෝකලේ මහතා කියා සිටියේ, අන්තවාදී කණ්ඩායම්වලට මර්දනය කිරීම සඳහා ඉන්දියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය ලබාදෙන බවයි.

කොළඹ වරාය පර්යන්ත ගිවිසුම වැනි බහු පාර්ශ්වික ආයෝජන ව්‍යාපෘති පිළිබඳව ද ඉන්දියාව අවධානය යොමු කරන බව ඉන්දීය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

තම ජාතික අභිලාෂයන් සහිත ව්‍යාපෘතිවලට ජපානය වැනි ප්‍රබල විදේශ ආයෝජකයින් සම්බන්ධ වන්නේ නම් ඊට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බව ද ඉන්දීය විදේශ ලේකම්වරයා පවසා ඇතැයි රොයිටර් පුවත් සේවය අනාවරණ කළේ ය.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් හෙට කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මකයි.