රජයට බරක් වූ සළුසල අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ජනපති උපදෙස්

Picture of අසංක

අසංක

වහාම ක්‍රියාත්මක වන පරිදි සළුසල අධ්‍යඛ්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබේ.

සළුසල ආයතනය රජයට බරක්ව පවතින නිසාත් එම ආයතනය නිසි අයුරින් ක්‍රියාත්මක නොවන නිසාත් එහි අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

පොලිස් දෙපාර්තමේන්තු මූලස්ථානය ඉදිකිරීම වෙනුවෙන් ජාවත්ත ප්‍රදේශයේ පිහිටි සළුසල ප්‍රධාන කාර්යාලයට අයත් ඉඩම පොලිස් දෙපාර්මේන්තුව වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.