ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද දිවයිනට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ දිවයිනට පැමිණීමට නියමිතය.

නරේන්ද්‍ර මොදී මහතා මෙලෙස මෙරටට පැමිණෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා කළ ආරාධනයකට අනුවය

මැතිවරණයෙන් ජය ලැබූ නරේන්ද්‍ර මෝදි මහතා දෙවන වරටත් එරට අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වූ ජනාධිපතිතුමා මෝදි මහතා හමු වී ප්‍රකාශ කළේ, අප්‍රේල් 21 වැනි දා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව රටේ ආරක්ෂක තත්ත්වය තහවුරු වී ඇති බව ලොවට විදහාපෑම සඳහා ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙසය

ඒ අනුව අද පෙරවරුවේ දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටුනායක ගුවන්තොටුපොළේදී පිළිගනු ඇත

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙන අතර ඉන් අනතුරුව ජනාධිපතිතුමා සහ මෝදි මහතා අතර නිල හමුවක් ද පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පිළිගැන්වීමට නියමිත වේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරය හේතුවෙන් අද කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකය.