එළඹෙන
ජනාධිපතිවරණය සදහා අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කරන්නේ නම් තමන් එක්සත් ජාතික
පක්ෂයට සහය පල කිරීමට සුදානම් බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර
ඇති බවට හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
එම වෙබ් අඩවිය මේ පිලිබදව සඳහන් කර ඇත්තේ අද (09) දිනයේදී
ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාගේ නිල සංචාරය
සම්බන්ධයෙන් පළකර ඇති පුවතකය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ කාලසටහන
සම්බන්ධයෙන් තොරතුරු මැනවින් දන්නා මෙරට නිලධාරියෙකු ඉන්දියාවේ හින්දුස්ථාන්
ටයිම්ස් වෙබ් අඩවියට සදහන් කර ඇත්තේ රජයේ පාර්ශවයෙන් නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ඉන්දීය
අගමැතිවරයා සමග මෙම සංචාරය පුරාවටම කටයුතු කරනු ඇති බවය.
ජනාධිපතිවරණයේදී තමන්, එක්සත්
ජාතික පක්ෂයට සහය පළකරන්නේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස
ඉදිරිපත් කරන්නේ නම් පමණක් බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව අදාළ නිලධාරියා
හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවියට අනාවරණය කර ඇත.