ජවාඩ් සංවිධානයෙන් බව පවසමින් දඹුල්ල රජමහා විහාරාධිපති හිමියන්ට මරණ තර්ජනය කර රුපියල් කෝටි 10ක කප්පම් ඉල්ලූ සැකකරුවන් තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
විහාරාධිපති හිමියන් විසින් කප්පම් ඉල්ලා මරණ තර්ජනය සිදුකළ ඇමතුම සම්බන්ධයෙන් දඹුල්ල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් කළ විමර්ශනයකට අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ජවාඩ් සංවිධානයෙන් බව පැවසූ සැකකරුවන් තිදෙනාම සිංහල ජාතිකයන් ය.
