කළු අජිත් මැරූ ගිනිඅවිය හමුවෙයි

Picture of අසංක

අසංක

පත්කඳුවන කළු අජිත් නමැත්තා ඝාතනය කිරීමට සැකකරු ගෙන ගිය යතුරු පැදිය පැදවූ තැනැත්තා සහ ඊට යොදාගත් ගිනිඅවිය ජාඇල ඒකල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු හෙළිකළ කරුණු අනුව ඊයේ මෙම ගිනිඅවිය අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ඝාතනය පාතාලයේ බරපතළ අපරාධකරුවකු බව කියන දැනට මැගසින් බන්ධනාගාරගතව සිටින ගණේමුල්ලේ සංජීවගේ සැලසුමකට අනුව ඔහු විසින් කරවන ලද්දක් බව අනාවරණය කරගෙන තිබේ.