පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව ජනපතිට

Picture of අසංක

අසංක

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ අවසන් වාර්තාව එම කමිටුව විසින් අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාරදී තිබේ.

එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා විසින් එය භාරදුන් අතර මෙම අවස්ථාවට සෙසු සාමාජිකයන් වන හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු වන පද්මසිරි ජයමාන්න හා හිටපු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් යන මහත්වරුන් ද සහභාගී විය.

ප්‍රහාරය පිළිබඳ විමර්ශන සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ තවත් නියෝජ්‍ය පොලිස්පතිවරු කිහිපදෙනකුගෙන් ප්‍රශ්න කිරීමට පියවර ගැනුණේ මෙම පරීක්ෂණ මණ්ඩලයේ 1 සහ 2 වැනි අතුරු වාර්තා අනුවයි.