සමාජ මාධ්‍ය හරහා වෛරීසහගත ප්‍රකාශ නිකුත් වූ අවස්ථා 100කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට නිරීක්ෂණය කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
එම ප්‍රකාශයන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රහස් පොලීසිය වෙත යොමු කර තිබේ.
ෆේස්බුක්, වට්ස්ඇප්, වයිබර් ඇතුළු සමාජ මාධ්‍ය ජාලා හරහා ජාතීන් අතර ගැටලු ඇතිවන අයුරින් නිකුත් කෙරෙන වෛරීසහගත ප්‍රකාශයන් පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ පොලිස් ඒකකයක් ද ක්‍රියාත්මක වෙයි.