ප්‍රහාරයෙන් පසුව ෂැංග්‍රිලා හෝටලය මේ සතියේ විවෘත වෙයි

Picture of අසංක

අසංක

ෂැංග්‍රිලා හෝටලය ලබන 12 වැනිදා සිට යළි විවෘත වෙයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වූ හෝටල් 3න් එකක් වූයේ ෂැංග්‍රිලා හෝටලයයි.

සෙසු හෝටල් දෙක කඩිනමින් විවෘත කිරීමට පියවර ගෙන තිබූ නමුත් ෂැංග්‍රිලා හෝටලය දිගටම වසා දමා ප්‍රතිසංස්කරණ කටයුතු කර තිබුණි.

තරු 5 හෝටලයක් වන ෂැංග්‍රිලා හෝටල් දාමය රටවල් ගණනාවක විසිරී පැතිරී ගිය හෝටල් 100ක් පමණ ක්‍රියාත්මක වේ.

ඕස්ට්‍රේලියාව, කැනඩාව, චීනය ෆීජි, ප්‍රංශය, හොංකොං, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, මලයාසියාව, මාලදිවයින, මොරිෂස්, මොංගෝලියාව, මියන්මාරය, පිලිපීනය, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, ඕමානය, තායිවානය, තුර්කිය, අරාබිය සහ එක්සත් රාජධානිය යන රටවල ෂැංග්‍රිලා හෝටල් ජාලය පැතිර පවතී.