මඩකළපුව ඉස්ලාම් සරසවිය රජයට පවරා ගැනීමේ යෝජනාව ඉදිරි සති දෙක තුළ

Picture of අසංක

අසංක

ඉස්ලාම් ධර්මය ඉගැන්වීමේ මුවාවෙන් ඉස්ලාම් අන්තවාදය පැතිරවීම සඳහා ඉදිකළ මඩකලපුව ඉස්ලාම් විශ්ව විද්‍යාලය, මෙරට ආරක්ෂක අංශවලට තාක්ෂණික දැනුම ලබාදෙන විශ්ව විද්‍යාලයක් බවට පත්කරන නීතිමය කටයුතු ඉදිරි දින 10 තුළ ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

අරාබි භාෂාව සහ ෂරියා නීතිය ඉගැන්වීමේ මුවාවෙන් සම්පූර්ණයෙන්ම මෙය ඉදිකර තිබෙන්නේ ඉස්ලාම් අන්තවාදය පැතිරවීම සඳහා බවද උන්වහන්සේ පැවැසූහ.

මෙය උපක්‍රමශීලීව අභිලාෂය සඟවාගෙන ඉඩම් ලබාගෙන ඉදිකරන ලද දකුණු ආසියාවේ විශාලතම ෂරියා විශ්ව විද්‍යාලය බවද උන්වහන්සේ පෙන්වා දෙති.

මේ විශ්ව විද්‍යාලය සම්පූර්ණයෙන්ම රජයට පවරාගෙන තාක්ෂණය ඉගැන්වීමේ විශ්ව විද්‍යාලයක් බවට පත්කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බව උන්වහන්සේ සඳහන් කළේය.

ශ්‍රී ලංකා හමුදාවෙන් සියයට 50ක් සහ අනෙක් සියයට 50 සියලු ජනවර්ග නියෝජනය වන පරිදි මෙය ආරම්භ කිරීමට යෝජනා කරන බවද උන්වහන්සේ පෙන්වා දුන්හ.

බොරැල්ල සදහම් සෙවණ ධර්මායතනයේ දී ඊයේ පැවැති මාධ්‍ය හමුවේ දී රතන හිමියෝ මේ බව පැවසූහ.