පක්ෂ ලේකම්වරු සහ මැතිවරණ කොමිසමේ සභාපති අතර හමුවක්

Picture of අසංක

අසංක

දැනට කල්තබා ඇති පළාත් සභා මැතිවරණය සහ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අනෙකුත් මැතිවරණ පිළිබඳ අද පස්වරුවේ විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතය.

ඒ දේශපාලන පක්ෂ ලේකම්වරු හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතරයි.

ඊට අමතරව මේ දිනවල සිදු කෙරෙන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධන කටයුතු පිළිබඳ ද දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.