මිල්හාන් සමඟ මෙරටට ගෙනා ත්‍රස්ත සැකකරුවන්ගේ නම් මෙන්න

Picture of අසංක

අසංක

ජාතික තවුහීඩ් ජමාත් සංවිධානයේ සන්නද්ධ නායක මොහොමඩ් මිල්හාන් ඇතුළු පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ ප්‍රධානතම සැකකරුවන් 5 දෙනකු මැදපෙරදිගට පලාගොස් සැඟව සිටියදී අද අලුයම රහස් පොලිස් නිලධාරීන් විසින් මෙරටට රැගෙන විත් තිබේ.

මෙම සැකකරුවන් වන්නේ මොහොමඩ් මර්ෂුක්,මොහොමඩ් සබ්රි, මොහොමඩ් ඉල්හාම්, අබුසාලි අබුබකර් යන අයයි.

2018 වව්නතිව් පොලිස් මුරපලේදී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධානතම සැකකරු වන්නේ මොහොමඩ් මිල්හාන් බව පොලිසීය පැවැසීය.

මොවුන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කර තිබේ.