පොසොන් පෝයට අ‘පුර-පොළොන්නරුවට පොලීසියෙන් 4200ක්- ත්‍රිවිධ හමුදාවත් සීරුවෙන්

Picture of අසංක

අසංක

එළැඹෙන පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය හා මිහින්තලය කේන්ද්‍රකරගනිමින් පොලිස් නිලධාරීන් 4227 දෙනකු යෙදවූ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ රාජකාරි කලාප 10ක් ලෙස වෙන්කොට මෙම කණ්ඩායම් ක්‍රියාත්මක අතර ත්‍රිවිධ හමුදාව හ සිවිල් ආරක්ෂක බළකාය ද කැඳවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවැසීය.

කලාපවල ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2735ක්, රථවාහන පොලිස් නිලධාරීන් 1096ක් සිවිල් ඇඳුමින සැරසුණු පොලිස් නිලධාරීන් 246ක් හා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් 150ක් රාජකාරි සඳහා යොදවා තිබේ.

අනුරාධපුරය අවට රථ වාහන ගාල් කරන ස්ථාන 20ක් හා මිහින්තලය ආශ්‍රිතව එවැනි ස්ථාන 6ක් ක්‍රියාත්මක ය.

බීමතින් රිය පදවන්නන් හා රථවාහනවලට හානි කරන පුද්ගලයන් මෙන්ම මාර්ග නීති කඩකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක බව හෙතෙම නිවේදනය කළේය.