TNA මන්ත්‍රීවරු පිරිසක් විශ්වාසභංගයට පක්ෂ වීමේ සූදනමක්

Picture of අසංක

අසංක

ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු අද (11) දින, රජයට එරෙහි විශ්වාසභංගයට සහය දීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කර සිටී .

ඒ අනුව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු විශ්වාසභංග ජන්ද විමසීමේදී රජයට එරෙහිව ජන්දය දීමට හෝ ජන්දය දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව වාර්තාවේ .

කෙසේ වෙතත් මෙම මන්ත්‍රීවරුන්ගේ සහය රජය වෙත යලි දිනාගැනීම සඳහා එක්සත් ජාතික පක්‍ෂයේ නිලධාරීන් කිහිපදෙනෙකු , ඔවුන් සමග අද දිනද සාකච්ජා පැවැත්වීමට නියමිත බවටද තොරතුරු වාර්තාවේ ,