විශ්වාසභංගය පැරදුණාට ජවිපෙ මහින්ද-සම්බන්ධන්ට දෙහි කපයි

Picture of අසංක

අසංක

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් දෙදෙනා නිවැරදි තීන්දුවක් ගත්තේ නම් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ජයගත හැකිව තිබූ බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ දෙමළ ජාතික සන්ධානය විශ්වාසභංගයට එරෙහිව ඡන්දය දීමට සූදානම්ව සිටි නමුත් අවසාන මොහොතේදී එය වෙනස් කළ බවයි.

ඊට හේතුවූයේ අද පස්වරු 4.30ට පමණ අගමැතිවරයා, සම්බන්ධන් හමුවී කල්මුණේ වෙනම ප්‍රාදේශීය සභාවක් ලෙස වෙන් කර දෙන බවට දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වීමයි.

ඒ අනුව මංගල සමරවීර ඇමතිවරයා වහාම පැය බාගයක් තුළ ඊට අවශ්‍ය නීතිමය පසුබිම සකසා දුන් බව අනුර කුමාර මන්ත්‍රීවරයා චෝදනා කළේය.

සුපුරුදු පරිදි අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව කූට උපක්‍රම මගින් විශ්වාසභංගය පරාජයට පත්කළ බව මන්ත්‍රීවරයා චෝදනා කළේය.