“ආණ්ඩුව හදිසියේ වෙනස් කරන පනත් සැකසහිතයි” – විපක්ෂනායක

Picture of අසංක

අසංක

ආණ්ඩුව විවිධ පනත් කෙටුම්පත් ඉදිරිපත් කරමින් කඩිමුඩියේ පවතින නීති වෙනස් කරමින් සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද පස්වරුවේ පාර්මේන්තු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී විපක්ෂනායකවරයා මේ බව සඳහන් කළේය.

“1949 අංක 58 මුදල් නීති පනත වෙනස් කිරීමට රජය කටයුතු කරමින් ඉන්නේ. EPF තියෙන්නෙ මහබැංකුව යටතේ. EPF එක නිදහස් කරගත්තාම අවශ්‍ය විදිහට වියදම් කරන්න පුළුවන්. ඒ සඳහා වැඩපිළිවෙලක් සූදානම් වෙනවා. මුදල් මණ්ඩලයේ මුදල් අමාත්‍යංශ ලේකම් අනිවාර්යයෙන් ඉන්නවා දෙකම එකට යන්න ඕනෙ නිසා. ඔහු ඉවත් කර වෙනම කණ්ඩායමක් කිරීම ආර්ථික විශේෂඥයින් අනුමත කරන්නෙ නැහැ. ආණ්ඩුව දැන් කරගෙන යන දේවල් නිසා සල්ලි අච්චු ගහන්න නිදහස ලැබෙනවා ආණ්ඩුවට. මේ නිසා රටට විශාල බරක් ඇති විය හැකියි. මේ පනත් කඩිමුඩියේ ගෙන ඒම ගැන සැකයි” යනුවෙන් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.